Home » කෝටි 57 කට විද්ද විදේශිකයා පසුපස රහස් පොලිසිය පන්නයි

කෝටි 57 කට විද්ද විදේශිකයා පසුපස රහස් පොලිසිය පන්නයි

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

මෙරට ව්‍යාපාරිකයකුට අයත් නුගේගොඩ පිහිටි වටිනා නිවසක් මිලදී ගැනීමේ මුවාවෙන් ඔහුගේ බැංකු ගිණුම් අංකය ලබාගෙන එම ගිණුමේ දත්ත ඔස්සේ අදාළ පුද්ගලයාගේ බැංකු ගිණුමට පිවිස එහි තිබූ රුපියල් කෝටි 57ක් වංචනිකව ලබාගත් විදේශිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසියේ මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අදාළ ව්‍යාපාරිකයා නුගේගොඩ පිහිටි නවීන නිවස විකිණීම සඳහා වෙබ් අඩවියක දැන්වීමක් පළ කර ඇති අතර එම දැන්වීම දුටු විදේශිකයෙක් ඔහුට කතා කර තමන් ශ්‍රී ලංකාවට පැමිණ එම නිවස මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව පවසා ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුම් අංකය ලබාගෙන එහි දත්ත උපයෝගී කරගෙන ව්‍යාපාරිකයාගේ ගිණුමට පිවිස ඔහුගේ ගිණුමේ තිබූ රුපියල් කෝටි 57ක් බැංකු ගිණුමෙන් වංචනිකව ලබාගෙන ඇත.

මේ පුද්ගලයා ඉරාන ජාතිකයකු බවට මේ වන විට කරුණු වාර්තා වී තිබේ.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division