Home » නාමල්ගේ රැස්වීමට ලෙකෝ රථයක් යොදා ගත්තැයි නඩු

නාමල්ගේ රැස්වීමට ලෙකෝ රථයක් යොදා ගත්තැයි නඩු

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුභසාධන ආංශයට අයත් රථයක් අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කරන බව පවසමින් ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අනුරාධපුර පැවැති රැස්වීමේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන කරන බව කොල්ලුපිටිය පොලිසිය 27දා කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ කරුණු දැක්වීය.

මැතිවරණ කොමිසමෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කර විමර්ශනයකට අදාළ බී වාර්තාව ඉදිරිපත් කරමින් කොල්ලුපිටිය පොලිසිය එම රථයේ රියදුරාගේ දුරකතන වාර්තා ලබා ගැනීමට කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.

එම වාහනය නඩත්තු කටයුතු සදහා ගරාජයට යොමු කරන බව කියමින් සහ ඉන් අනතුරුව හොරොව්පතාන තම නිවසේ දානයක් ඇති බව කියමින් එහි යන බව දන්වා දෙදිනක නිවාඩු ලබා රියදුරු පිටතට ගොස් ඇති බවත් ඔහු එම රථය නාමල් රාජපක්ෂ මහතාගේ අගෝස්තු මස 21 අනුරාධපුර පැවැති රැස්වීමේ ප්‍රචාරක කටයුතු සදහා යොදවා ඇති බව වාර්තා වී ඇතැයි පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙලෙස නියෝග ඉල්ලා සිටියේ ලංකා විදුලි පුද්ගලික සමාගමට අයත් මොන්ටෙරෝ ජීප් රථයක් සම්බන්ධයෙනි. පොලිස් කොස්තාපල් (81003) නිලධාරියා අධිකරණයට කරුණු දක්වමින් අදාළ නියෝග ඉල්ලා සිටියේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division