ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරන විවිධ වර්ගවල සොරකම් පිළිබඳව අප අසා ඇතත් අලුතින්ම ඉදිකරගෙන යන නිවාසවලට දොර ජනෙල් සවි කිරීමේදී භාවිත කරන පිත්තල සරණේරු, දොර අගුළු, හුළං කොකු මෙන්ම එම නිවාසවලට අලුතින්ම සවි කරන විදුලි උපාංග ඉතා සූක්ෂ්ම ලෙස සොරකම් කරනා සොරෙක් ගැන නම් වැඩිපුර අසා නැතුව ඇත.
සාරවත් හොඳ ව්‍යාපාරිකයකු ලෙස සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්රතිවිපාකයක් ලෙස ව්‍යාපාරය කඩාවැටී බංකොළොත් වීමෙන් පසු කුඩු පානයට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා සොරකම් කිරීම සඳහා පෙළඹී ඇති පුද්ගලයකු ගන්දර පොලිසිය මඟින් පසුගිය දිනෙක අත්අඩංගුවට ගෙන තිබිණි.
අපි ඔහු ‘ජනා’ ලෙස හඳුන්වමු.
පාසල් කාලය හමාර කිරීමෙන් පසු මාතර නගරයේ ත්‍රීරෝද රථ රියැදුරකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ‘ජනා’ වසර කිහිපයක ඇවෑමෙන් පසු තමන්ගේම කියා ත්‍රීරෝද රථයක් මිලදී ගත්තේ ‘ඉදිරි ඉලක්ක’ කිහිපයක් ද හිතේ රඳවාගෙනය. එම ඉලක්ක වෙත පියවර පිළිවෙළින් ගමන් කළ ‘ජනා’ වසර කිහිපයක් තුළ තමන්ගේම කියා ත්‍රීරෝද රථ හතක හිමිකරුවකු වූයේ ඉහළ ආදායම් මාර්ගයක මඟ විවර කර ගනිමිනි.
මාතර නගරයේ තැන තැන රියැදුරන් යොදවා ත්‍රීරෝද රථ ස්ථානගත කරමින් දෛනිකව මගී ප්‍රවාහන කටයුතු සිදුකර ඉන් ලැබෙනා ආදායමෙන් රියැදුරන්ට ද හොඳ දීමනාවක් ලබා දෙමින් ඔහු සිය ‘ව්‍යාපාරය’ දිගින්දිගටම දියුණු කරගනිමින් සිටියදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූයේ යහළුවන්ගේ මඟපෙන්වීම නිසාය.
වසර කිහිපයක් තුළ තමා සතුව තිබූ ත්‍රීරෝද රථ හතම විකුණා දමන ජනා එම මුදල් සහමුලින්ම භාවිත කරන්නේ මත්ද්‍රව්‍ය පානය සඳහාය. එලෙස ටික කලක් ගතවනවිට ව්‍යාපාරය මුළුමනින්ම බංකොලොත්භාවයට පත්වීමෙන් පසු අසරණ වන ජනා මත්ද්‍රව්‍ය පානය සඳහා මුදල් උපයා ගැනීම පිණිස සොරකම් කිරීම සඳහා පෙළඹෙන්නේය.
ඔහු මේ සඳහා තෝරාගනු ලබන්නේ වැඩි කෙනෙකුගේ අවධානයට ලක් නොවන අලුත්ම තාලේ සොරකමක්ය. ඒ අලුතින් ඉදිකරන නිවාසවල දොර ජනෙල්වලට යොදනු ලබන පිත්තල අසව්, සරණේරු, හුළං කොකු, විදුලි උපාංග මෙන්ම නිවාස වයරින් කිරීම සඳහා යොදාගන්නා වයර් සොරෙන් ගලවා අලෙවි කර මුදල් උපයා ගැනීමයි.
මේ සඳහා ඔහුගේ ඉලක්කගත ප්‍රදේශ ලෙස තල්පාවිල, ස්වර්ණපුර, වැල්ලමඩම, සමර් සිටි, කපුගම බටහිර හා නාකුට්ටියගම ප්‍රදේශ තෝරා ගන්නේය. ගොඩනගමින් පවතින නිවාසවලට ඉතා සූක්ෂ්මව ඇතුළු වී ඒවායේ තිබෙන ඉහත උපකරණ ගලවා අලෙවි කරමින් මුදල් උපයන ජනා ඒ සියල්ල මත්ද්‍රව්‍ය සඳහා යෙදවීමට පුරුදුව සිටි අතර අලුතින් ඉදිකළ නිවාස දක්නට නොලැබෙන විට වෙනත් හොරකම් සඳහා ද ජනා පෙළඹුණේ මත්ද්‍රව්‍ය නැතුව ඉන්නට බැරිවීමත් සමඟය.
මේ අනුව වෙනත් නිවාසවලට හොරෙන් ඇතුළු වී ගෑස් සිලින්ඩර, රන් ආභරණ මෙන්ම අත් ඔරලෝසු ද ඔහු සොරකම් කරන්නට පටන්ගත්තේය.
මෙම තත්ත්වය දිගින් දිගටම වැඩිවෙමින් පවතිද්දී ගන්දර පොලිසියට ලැබෙන පැමිණිලි ප්‍රමාණය ද වැඩි වන්නට පටන් ගත්තේය. ඉහළ නිලධාරීන්ට යැවෙනා දෛනික වාර්තාවල ජනාගේ සොරකම් පිළිබඳව දිගින් දිගටම සටහන් කරන්නට වීම පොලිස් නිලධාරීන්ට ද මහත් ගැටලුවක්ව පැවතියේය.
ඒ අනුව ‘ජනා’ වහා අත්අඩංගුවට ගැනීමට කීප විටක්ම උත්සාහ කළ ද එය අසාර්ථක විය. මේ ජනා අල්ලා ගැනීමට අනුව සැලසුම්ගත මෙහෙයුමක් දියත් කරන්නට ගන්දර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේශබන්දු සේනාරත්න පියවර ගත් අතර පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එහි වගකීම පවරන ලද්දේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සලින්ත අමරසිංහ වෙතය.
එම සැලසුමට අනුව තම දූත කණ්ඩායමේ කෙනෙකුගෙන් හදිසියේ ලද තොරතුරකින් කියවුණේ ජනා ඉදිරි දින තම නිෙවසට පැමිණෙන බවයි. එම තොරතුරට අනුව වහා ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක සලින්ත අදාළ දිනයේ ජනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් සැලසුම් කළේය.
එම මෙහෙයුම පිළිබඳව තම ප්‍රධානියා වූ ගන්දර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේශබන්දු සේනාරත්තට දන්වා උපදෙස් ලබාගෙන කාන්තා උප පොලිස් පරීක්ෂිකා (2209) සුලේඛා, සැරයන් (68157) කපිල, කොස්තාපල්වරුන් වන (91815) දයාසිරි, (97858) කුමාරසිංහ, (99334) එරන්ද යන නිලධාරීන්ගෙන් සමන්විත පොලිස් කණ්ඩායම සමඟ උපායදූතයා ලබාදුන් තොරතුරු මත ජනා එන බවට සැක කළ දින ඔහුගේ නිෙවස ආසන්නයේ සැඟව සිටියේ පැමිණෙන ඕනෑම මොහොතකදී ජනා අත්අඩංගුවට ගැනීමේ අරමුණෙනි.
උපාය දූතයා ලබා දුන් තොරතුරු අනුව පොලිස් කණ්ඩායම් රැකවල්ලා සිටියදී ජනා සෙමින් සෙමින් පැමිණ නිෙවස තුළට ඇතුළු වූ අතර නිෙවසේ සියලු දොරගුළු වසා දැම්මේය.
ඒ සමඟින් නිෙවස වටකළ පොලිස් කණ්ඩායම නිෙවසේ දොරගුළු විවර කර නිෙවසට ඇතුළු වද්දී ජනාගේ බිරිය බොරු අසනීපයක් ගෙන නිෙවසේ ආලින්දය තුළ ඇදවැටෙද්දී පැන යාමට උත්සාහ දැරූ ජනාව පොලිස් කණ්ඩායම මහත් වෙහෙසක් දරා අල්ලාගත් අතර මාංචු දමා මෙල්ල කරගෙන වැඩිදුර පරික්ෂා කරද්දී ඔහු සතුව තිබී හෙරොයින් ප්‍රමාණයක් ද සොයා ගැනීමට පොලිස් කණ්ඩායමට හැකි විය.
අත්අඩංගුවට ගත් සැකකරු ගන්දර පොලිසියට රැගෙනවිත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත් තොරතුරු මත ගෑස් සිලින්ඩර තුනක්, විදුලි උපාංග රැසක්, මාතර පල්ලිමුල්ල, පරණ තංගල්ල පාරේ, ස්වර්ණාභරණ වෙළෙඳසලකට විකුණා එහිදී උණුකර සකස් කළ රන් වළල්ලක කොටස් ද පොලිසිය විසින් සොයාගනුලැබීය.
පසුගියදා අභාවප්‍රාප්ත වූ හිටපු මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය රොනී ද මෙල්ගේ දෙවිනුවර වැල්ලමඩමේ පිහිටි නිෙවස ද බිඳ සරණේරු, දොරගුළු ඇතුළු පිත්තල උපකරණ සොරාගෙන තිබුණේ මෙම සැකකරු බව ද පොලිසිය විසින් අනාවරණය කරගන්නා ලදී.
සැකකරු සොරා ගන්නා ලද පිත්තල සරණේරු, අසව් සහ හුළං කොකු එවැනි බඩු මිලදී ගන්නා ජංගම වෙළෙඳුන්ට විකුණා ඇති බවත් විදුලි උපාංග හා වයර් මාතර, කොටුවේගොඩ ප්‍රදේශයේ වෙළෙඳසල්වලට විකුණා තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
මෙහි සඳහන් ‘ජනා’ අන්වර්ථ නාමයකි.
පොලිස් පරීක්ෂණ මත ලිපිය සකස් කෙරිණි.
ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ