Home » MMCA ශ්‍රී ලංකා ‘බිම් පෙරළිය’ ක්‍රෙස්කැට් වෙළෙඳ මධ්‍යස්ථානයේ

MMCA ශ්‍රී ලංකා ‘බිම් පෙරළිය’ ක්‍රෙස්කැට් වෙළෙඳ මධ්‍යස්ථානයේ

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා) ‘බිම් පෙරළිය’ නම් එහි නව ප්‍රදර්ශනයේ පළමු වටමාරුව සැප්තැම්බර් 12 දා ක්‍රෙස්කැට් වෙළෙඳ මධ්‍යස්ථානයේදී විවෘත කළේය. එය 2024 දෙසැම්බර් 01 දක්වා මහජනතාවට විවෘත ය. ප්‍රදර්ශනයට ඇතුළු වීම නොමිලේ වන අතර කෞතුකාගාරය කොළඹ 3, ක්‍රෙස්කැට් බුලෙවාර්ඩ් බිම් මහලේ පිහිටා ඇත. ‘බිම් පෙරළිය’ ශ්‍රී ලංකාවේ ඉඩම් පරිවර්තනය වී ඇති පුළුල්, අනපේක්ෂිත, හා කැළඹිලිකාරී ආකාරය ගවේෂණය කරයි. මෙම ප්‍රදර්ශනය භූ දර්ශනවල සාම්ප්‍රදායික නිදර්ශනවලට එහා ගිය නිර්මාණ කරන සමකාලීන කලාකරුවන් 29 දෙනකු එකට එක් කරයි. ඔවුන්ගේ කලා කෘති, ඉඩම් පිළිබඳ මත නොයෙක් අයුරින් ගොඩනැඟී ඇති අයුරුත් අභියෝගයට ලක්වී ඇති අයුරුත් පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division