ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා) ‘බිම් පෙරළිය’ නම් එහි නව ප්‍රදර්ශනයේ පළමු වටමාරුව සැප්තැම්බර් 12 දා ක්‍රෙස්කැට් වෙළෙඳ මධ්‍යස්ථානයේදී විවෘත කළේය. එය 2024 දෙසැම්බර් 01 දක්වා මහජනතාවට විවෘත ය. ප්‍රදර්ශනයට ඇතුළු වීම නොමිලේ වන අතර කෞතුකාගාරය කොළඹ 3, ක්‍රෙස්කැට් බුලෙවාර්ඩ් බිම් මහලේ පිහිටා ඇත. ‘බිම් පෙරළිය’ ශ්‍රී ලංකාවේ ඉඩම් පරිවර්තනය වී ඇති පුළුල්, අනපේක්ෂිත, හා කැළඹිලිකාරී ආකාරය ගවේෂණය කරයි. මෙම ප්‍රදර්ශනය භූ දර්ශනවල සාම්ප්‍රදායික නිදර්ශනවලට එහා ගිය නිර්මාණ කරන සමකාලීන කලාකරුවන් 29 දෙනකු එකට එක් කරයි. ඔවුන්ගේ කලා කෘති, ඉඩම් පිළිබඳ මත නොයෙක් අයුරින් ගොඩනැඟී ඇති අයුරුත් අභියෝගයට ලක්වී ඇති අයුරුත් පෙන්වා දෙයි.
MMCA ශ්‍රී ලංකා ‘බිම් පෙරළිය’ ක්‍රෙස්කැට් වෙළෙඳ මධ්‍යස්ථානයේ
515
previous post