මේෂ – ව්‍යාපාර ලාභ
සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් හරහාය. ආරම්භයේ කනගාටුදායක පුවතක් කන වැකෙන්නට ඉඩ ඇත. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලද හැකි ඇවිදිලි වැඩි සතියක් වන අතර පුණ්‍ය කටයුතුවලට ද දායකත්වයක් ගෙන දෙයි. ලැබීම් මෙන්ම වියදම් ද වැඩි විය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. සිත් රිදීම් ඇති වේ. අපල අවම වීමට ආවේගශීලි බව පාලනය කරන්න. ඉවසීමෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්න.
සුබ අංක – 7,9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.
වෘෂභ – පුණ්‍ය කටයුතුවලට නැඹුරුයි
සඳු ගමන් ගන්නේ 7, 8, 9 යන භාවයන් හරහාය. හවුල් ව්‍යාපාර ලාභදායි ලෙස පවත්වාගෙන යා හැකි අතර සාධාරණය ඉටු කිරීමට කාරුණික වෙයි. පුණ්‍ය කටයුතුවලට නිරායාසයෙන් යොමුවන අටලෝ දහමට අනුව දිවි ගෙවන සතියක් ද වෙයි. සාමාජීය පොදු වැඩවලට සහභාගි වන අන්‍යයන්ගේ දුකට පිහිටක් වන්නට සිතයි. අපල අවම වීමට ආගමික නැඹුරුව තුළින් හැකිවේ.
සුබ අංකය – 06/ සුබ වර්ණය – ළා නිල් / සුබ දවස – සෙනසුරාදා
මිථුන – වෙළෙඳ ව්‍යාපාරවලින් ආදායම්
සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් හරහාය. රැකියා වෙළෙඳ ව්‍යාපාරවලින් ආදායම් උපයා සපයා ගැනීමට මෙන්ම ආර්ථිකය යම්කිසි වර්ධනයක් කරා ගෙන ඒමට හැකි සතියකි. ගෘහ ජීවිතයේ ගැටලු මතු වුවත් දුර දිග නොයවා සාමකාමී වීමට හැකිවේ. වරෙක කල කිරුණු ස්වභාවයක් ඇති විය හැකි වුවත් තවත් වරෙක අභියෝග හමුවේ නැඟී සිටීමට උනන්දු වෙයි. අපල අවම වීමට වස් කාලය තුළ විහාරස්ථානයේ කටයුතුවලට සහභාගි වන්න.
සුබ අංක – 3,5 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – සිකුරාදා
කටක – වැඩ කටයුතු සාර්ථකයි
සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. මුල් දිනය තරමක් ගැටලුකාරී බවක් මතු කරයි. එහෙත් පසුව සාමාන්‍ය තත්ත්වයට පත්වේ. දුවා දරුවන් පිළිබඳ සතුටු විය හැකි අන්දමේ ජයග්‍රහණ ගෙන දෙයි. කරන කියන කටයුතුවල සාර්ථක තත්ත්වයක් ඇති කරයි. දෙලොව දියුණුව පිණිස පුණ්‍ය කටයුතු සිදු කර ගැනීමට උනන්දුවෙයි. සුළු අනතුරු අසනීප ආදියට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න. අපල අවමවීමට පත්තිනි මෑණියන්ට පිං දෙන්න.
සුබ අංක – 2, 7 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා.
සිංහ – දරුවන්ගේ ජයග්‍රහණ
සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගෙදර දොර කටයුතු කරගෙන යාමේදී යම් අලස බවක් ඇති කරයි. එහෙත් මුල් දිනයෙන් පසු ඒ තත්ත්වය මඟහැරෙයි. දරුවන්ගේ ජයග්‍රහණය නිසා සතුටට පත්වෙයි. ප්‍රමාද වී තිබූ විවාහ දරුපල ආදියේ සුබ පණිවුඩ දැන ගන්නට ලැබෙයි. අමනාපව සිටි අය මිතුරු වෙන්නට ඉඩ කඩ සැලසේ. අපල අවම විමට අන්‍යයන්ට උපකාර කරන්න.
සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාද.
කන්‍යා – මවුපිය උදව් උපකාර
මුල් දිනයේදී සහෝදරයෙකු පිළිබඳ හෝ වෙනත් අයෙකු ගැන කලකිරීමකට පත් විය හැකිය. ඉන් පසු ඒ පිළිබඳ කනගාටුව මඟහැරී යයි. සහජ දක්ෂතාවලින් පල ප්‍රයෝජන ලබා ස්වයංරැකියා ආදිය දියුණුවට පත් කරගත හැකිය. ගෙදර දොර දියුණුව පිණිස උනන්දු වන දෙමාපිය පල ප්‍රයෝජන ලබන්නට භාග්‍ය ඇති කරයි. අපල අවම වීමට කුඩා දරුවන්ගේ ආරක්ෂාව සලසන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණ – ලා කොළ / සුබ දවස් – සිකුරාදා.
තුලා – සහජ දක්ෂතා වැඩිදියුණුවට
සඳු ගමන් කරන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. ආරම්භක දිනයේ ඔබගේ වචනය ප්‍රියමනාප ලෙස හසුරුවන්නට උත්සාහ ගන්න. සහජ දක්ෂතා ඔප් නංවාගෙන කටයුතු කිරීමේ භාග්‍ය ඇත. ගෙදරදොර පිළිවෙළ පිරිසුදුකම පිළිබඳව උනන්දුවක් ඔබ තුළ ඇතිවෙන මව්පිය උපකාර ලබන වාසනාවන්ත සතියකි. අපල අවමවීමට රෝගීනට උපකාර කරන්න.
සුබ අංක – 3, 9 / සුබ වර්ණය – ළා කොළ / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
වෘශ්චික – රැකියා දියුණුව
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 යන භාවයන් හරහාය. ආරම්භය දරා ගැනීමේ චිත්ත ශක්තිය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඉන්පසු ගැටලු ඇති නොවේ. ආර්ථිකය ශක්තිමත් වේ. රැකියා අංශවලදි දියුණුවක් පෙන්නුම් කරයි. සහෝදර උපකාර ලැබේ. පුණ්‍ය කටයුතුවල නිරතවීමේ භාග්‍ය ද ඇති කරයි. අපල අවමවීමට අක්ෂි රෝගීන්ට උදව් කරන්න.
සුබ අංක – 4, 5 / සුබ වර්ණය – රතු, / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු – රැකියාවේ ගැටලු මගහැරේ
සඳු ගමන් කරන්නේ 12, 1, 2 යන භාවයන් හරහාය. ආරම්භය ගැටලු මතුවිය හැකි බැවින් කල්පනාකාරි වන්න. ඉන්පසු ඒ තත්වය මඟහැරී සමාජයේ ප්‍රියමනාප අයෙකු බවට පත්විය හැකි කටයුතුවල නිරත වේ. ධනය ඉපයීමේ ශක්තිය ගොඩනැඟේ. ගෘහ ජීවිතය සතුටින් ගෙවේ. රැකියා සම්බන්ධ ගැටලු මඟහැරී යයි. අපල අවමවීමට බෝධි පූජාවලට සහභාගි වන්න.
සුබ අංක – 5, 6 / සුබ වර්ණය – කහ / සුබ දවස් – බ්‍රහස්පතින්දා, ඉරිදා
මකර – පොදු වැඩවලට සහභාගි වේ
සඳු ගමන් ගන්නේ 11, 12, 1 යන භාවයන් මතිනි. ඔබට යම් මුදලක් හෝ වෙනත් ලාභයක් ලැබීමේ භාග්‍ය තිබුණත් එයට ද යම් යම් බාධක මතුවිය බැවින් කල්පනාවෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. ගෙදරදොර කටයුතු කර ගැනීමේදී දැඩි අධිෂ්ඨාන ශක්තියක් ඇති කරයි. නවක හිතවතුන් මුණගැසේ. පොදු වැඩවලට සහභාගි වේ. අපල අවමවීමට තිරිසන් සතුනට ආහාර, ජලය දෙන්න.
සුබ අංක – 6, 8 / සුබ වර්ණය – නිල් / සුබ දවස – සිකුරාදා
කුම්භ – ලැබීම් සහිතයි
සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියාව, පොදු වැඩ පරාර්ථකාමී බවින් යුතුව කරගෙන යාමට සිදුවන බැවින් අවිවේකී බව වැඩිවේ. ගෙදර දොර කටයුතු අතපසුවීමට ඉඩ ඇත. දරුවන්ගේ දක්ෂතා පිළිබඳ සතුටු විය හැකි අතර ඔවුන්ගේ යහපත් බලාපොරොත්තුවලට සුබවාදී බවක් දක්නට ඇත. අපල අවමවීමට කුසගින්නේ සිටින කෙනෙකුට ආහාර වේලක් දෙන්න.
සුබ අංක – 8, 9 / සුබ වර්ණය – නිල් / සුබ දවස – සිකුරාදා
මීන – පුණ්‍ය කටයුතුවලට මුල්තැන
සඳු ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පුණ්‍ය කටයුතුවලට මුල්තැනක් දී ආරම්භ වන සතිය ඔබට අයහපත් නොවේ. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගත හැකි ආර්ථිකය ශක්තිමත් බවක් උසුලන සතියකි. සහජ දක්ෂතා වර්ධනය වේ. ඇවිදිලි වැඩිය. ඔබට ලැබිය යුතු ණය මුදලක් හෝ වේ නම් එය ලැබීමට ද පුළුවන. අපල අවමවීමට වස් පින්කම්වලට සහභාගි වන්න.
සුබ අංක – 3, 9 / සුබ වර්ණ – කහ, සුදු / සුබ දවස් – බ්‍රහස්පතින්දා, සිකුරාදා