Home » දූ දරුවෝ

දූ දරුවෝ

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

මගේ සුර­තලා

මගේ සුර­තලා පූසෙක්. එයාගේ නම මිමි. එයා කන්න කැමැති මාළු. එයා බොන්න කැමැති කිරි. මිමි මාත් එක්ක සෙල්ලම් කර­නවා.

ශක්‍යා හේරත්
2 ශ්‍රේණිය, හිල්වුඩ් විදු­හල, මහ­නු­වර.


කැළි කසළ කළ­ම­නා­ක­ර­ණය කරමු

කැළි කසළ නිවාස තුළින් දින­පතා ඉවත් කිරීම අත්‍ය­වශ්‍ය වනුයේ එහි දුර්ග­න්ධය, කෘමි සතුන් එකතුවීම ආදී හේතූන් නිසාය. මෙහිදී එය ක්‍රම දෙක­කට ඉවත් කළ හැකි වේ. එහි ප්‍රයෝ­ජ­න­වත්ම ක්‍රමය වනුයේ, ගෙව­ත්තේදී කොම්පෝස්ට් නිෂ්පා­ද­න­යට යොදා ගැනී­මට හැකි­යාව තිබී­මයි. නි‍ෙව­සට නුදු­රින් කපා­ගත් වළ­කට දිරන කසළ එකතු කර ඒවා දිරා­පත් වූ පසු වගා­වන්ට යොදා ගත හැකිය. නාග­රී­ක­ර­ණය, තාක්ෂණ දියු­ණුව, කර්මාන්ත ශාලා වැඩි­වීම, යටි­තල පහ­සු­කම් වැඩි­දි­යුණු වීම සහ ජන­ග­හ­නයේ ශීඝ්‍ර වර්ධ­නය නිසා කසළ ප්‍රමා­ණය වැඩි­වීම ඉතා ඉක්මන් වන අතර කසළ වෙන්කි­රිම ඉතා අත්‍ය­වශ්‍ය කරු­ණක් විය. එහිදී දිරන කසළ කොම්පෝස්ට් නිෂ්පා­ද­න­ය­ටත්, නොදි­රන කසළ බොහො­ම­යක් ප්‍රති­ච­ක්‍රී­යක­ර­ණය කිරී­ම­ටත් යොදා ගැනීම තුළින් කසළ ප්‍රමා­ණය අඩු­ක­ර­ගත හැකිවේ.

නොදි­රන කසළ බඳුන පිරුණු පසු එයද පහ­සු­වෙන් වර්ග කිරීම මෙන්ම කඩ­දාසි, පත්තර, ප්ලාස්ටික්, වීදුරු, ලෝහ, විද්යුත් අප­ද්‍රව්‍ය ආදීය වර්ග කර අලෙවි කළ හැකිය. මින් අම­තර ආදා­ය­මක් මෙන්ම නි‍ෙවසේ ඉඩ ඇහි­රීම අඩු­කර නි‍ෙවස පිරි­සි­දුව තබා ගත­හැ­කිය.

අද වන විට බොහෝ රජයේ ආය­තන කසළ සම්පත් බවට හැර­වී­මට මෙන්ම කසළ කළ­ම­නා­ක­රණ කාර්යය සඳහා ද දැඩි වෙහෙ­සක් දර­මින් සිටී. විවිධ අප­ද්‍රව්‍ය සඳහා විවිධ වර්ණ මලු හෝ බහා­ලුම් ලබා­දීම, නිය­මිත දිනට පැමිණ ඒවා එකතු කර ගෙන යෑම, ජන­තාව මේ පිළි­බඳ දැනු­ම්වත් කිරීම, පාසල් දරු­වන් සඳහා වැඩ­ස­ට­හන් පැවැ­ත්වීම සිදු වේ.

කසළ වර්ග කිරීම, කසළ කළ­ම­නා­ක­ර­ණය හා සම්බන්ධ වැද­ගත්ම තීර­ණ­යයි. එසේම කොම්පෝස්ට් නිෂ්පා­ද­නය, ප්ලාස්ටික් සහ පොලි­තීන් ද්‍රව්‍ය නැවත භාවිත කිරීම හෝ සම්පූ­ර්ණ­යෙන්ම භාවිතය අත්­හැ­රීම, කුඩා ගෙවතු වගා­වන් ආරම්භ කිරීම, අවශ්‍ය ප්‍රමා­ණ­යට පම­ණක් ඉවීම, සම­හර දේවල් කාල­යක් භාවිත කිරී­මෙන් පසු පරි­ත්‍යාග කිරීම වැනි ක්‍රියා­වන් ද කසළ කළ­ම­නා­ක­ර­ණ­යේදී තවත් වැද­ගත් මූලා­ර­ම්භ­යන්ය. පාසල් යන අප විසින් ඉටු කළ යුතු කසළ කළ­ම­නා­ක­ර­ණය හා සම්බන්ධ කාර්ය­යන් පිළි­බඳ දැනු­ම්වත් වෙමු. හැකි උප­රි­ම­යෙන් අපගේ වග­කීම් ඉටු කිරී­මට උත්සාහ කරමු.
තෙනුරි නවින්මා කීර්ති­සේන

(පරි­සර නියමු) 9 ශ්‍රේණිය A,
මලි­ය­දේව බාලිකා විද්‍යා­ලය, කුරු­ණෑ­ගල.


අසි­රි­මත් අහස

උදෑ­සන ළා හිරු කිර­නින් නැහැ­වුණු අහස් ගැබ රන් පැහැ­යෙන් බබ­ලයි. පාට හත­කින් හැඩ­වුණු අලං­කාර දේදුන්න අහ­සට සුන්ද­ර­ත්ව­යක් එක්ක­රයි.

රන් තැටි­යක් මෙන් පායා ඇති චන්ද්‍රයා රාත්‍රී අහසේ අසි­රිය දෙගුණ තෙගුණ කරයි.
කහ­මල් වත්තක් මෙන් බැබ­ළෙන අහස ඉතා මන­රම් දසු­නක් මවයි.

එම්. කේ. සඳිනි සත්ස­රණි
5 ශ්‍රේණීය පිටි­පන කනිෂ්ඨ විද්‍යා­ලය,
හෝමා­ගම.


සිරි දළදා පෙර­හර

සෙංක­ඩ­ගල නුවර සිරි දළදා මැදුරේ
ඇහැළ මහට සිරි දළදා පෙර­හැරේ
කර­ඬුව වැඩ­ම­වන ඇත් රජු එන අතරේ
සාදු­කාර හඬ පැති­රෙයි නිර­න්තරේ….
පස­ඟ­තුරු නාද තාලෙට වයන විට
නැට්ටුවො නටති යස හැඩ­තල විවර කොට
ගිනි කර­ක­ව­න්නන් විස්කම් කරන විට
නව ආලෝ­ක­යක් ගෙන දෙයි පෙර­හැ­රට…
මහ­වැලි ගඟට බැස හොඳ හැටි නා ගත්තු
ඇත් පර­පුරේ අභි­මා­නය රැක­ගත්තු
නේක වර්ණ­යෙන් රජ සළු­පිළි ඇඳ­ගත්තු
දළදා හිමිට වැඳ යති නායක ඇත්තු….
දළදා සමිඳු සිරි­ලක වැඩ වසනා තුරා
තෙරු­වන් සරණ සත­හට නිති ලැබෙන තුරා
සෙන්ක­ඩ­ගල නුවර පෙර­හැර කරන තුරා
දළදා වඳිමු අපි සස­රින් මිදෙන තුරා

කේ.ඒ. මල්කි එර­න්දිකා
12 ශ්‍රේණිය (කලා),
දොන් පේද්‍රික් හ විද්‍යා­ලය
හොරණ.


මුහුද

හෝ හෝ හෝ හඬ නඟයි
නිදි­යන්නේ නෑ වගෙයි
රැලි නැඟෙයි පෙණ ඉහෙයි
මුහුද නම් හරි දඟයි…
වෙරළ සමඟ හඬ නඟයි
වෙරළ සමඟ සතුටු වෙයි
ආද­ර­යෙන් සිප ගනියි
නිල් රැලි තෙර සිප ගනියි…
මසුන් සමඟ දඟ කරයි
සිංහ ගෙර­වු­මක් නඟයි
ධීව­රයා තුටු කරයි
වෙලා­ව­කට බය කරයි

අකීෆ් අහ­මඩ් -9 ශ්‍රේණිය,
රෝයල් ජාත්‍ය­න්තර පාසල,
කරු­ණෑ­ගල.


මම සුළ­ඟක් වෙමි

වාතය එක් තැනක සිට තවත් තැන­කට යන විට මම උප­දිමි. මම විටෙක මද පව­නක් සේ මිනි­සුන්ගේ ගත නිවමි. සැඬ වූ විට ගස්වැල් නිවාස උඳුරා පොළොවේ ගසමි. මගේ බල­යෙන් මිනිස්සු විදු­ලි­යය ජන­නය කරති. මෙතෙක් වේලා ඔබට කතා කළ මම සුළ­ඟක් වෙමි.

ඩබ්ලිව්. සනුජ විම­ල­සිරි
4 ශ්‍රේණිය සී,
උඩු­ගහ වල්පොල ඒකා­බද්ධ විද්‍යා­ලය,
ගම්පහ.


මගේ රට

මගේ රට ශ්‍රී ලංකා­වයි. ලස්සන මුහු­දින් වට වී තිබෙ­නවා. ලස්සන කඳු පංති, දිය ඇලිවලින් හැඩ වී තියෙ­නවා. මගේ රටට මම හරිම ආද­රෙයි.

සේනාලි හිරුන්දි සෙනෙ­වි­රත්න
3 ශ්‍රේණිය ‘ඒ‘
ගෝතමී බාලිකා විද්‍යා­ලය
මහ­නු­වර


මගේ රට

මගේ රට ශ්‍රී ලංකා­වයි. ලස්සන මුහු­දින් වට වී තිබෙ­නවා. ලස්සන කඳු පංති, දිය ඇලිවලින් හැඩ වී තියෙ­නවා. මගේ රටට මම හරිම ආද­රෙයි.

සේනාලි හිරුන්දි සෙනෙ­වි­රත්න
3 ශ්‍රේණිය ‘ඒ‘
ගෝතමී බාලිකා විද්‍යා­ලය
මහ­නු­වර


අපේ ඉදිරි පර­පුර පොත් කිය­ව­න්නට හුරු­ක­රමු

පොත් සල්පිල අදින් අව­සන්ය. ඉකුත් පළ­මු­වෙ­නි­දා­යින් ආරම්භ වූයේ කියැ­වීමේ මාස­යයි. දින කාල වක­වානු බෙදා වෙන්කර කියැ­වීමේ කාල­යක් වෙන් කළ ද අද දව­සේදී අපේ පාසල් දරු­දැ­රි­යන්ට කිය­නවා ද යන්න නම් සොයා බැලිය යුතු කාර­ණා­වකි. නව ලෝක­යත් සමඟ යන දරු­වන් බොහෝ විට සිටින්නේ නව තාක්ෂ­ණික මෙව­ලම් සම­ඟය. එමෙන්ම අද අපේ දරු­දැ­රි­යන් සීමා වන්නේ පාසල් පෙළ පොතට පමණි. මේ සියලු දේ අතර කිය­වී­මට හුරු දරු­දැ­රි­යෝද වෙති.එහෙත් බොහෝ දරු­දැ­රි­යන් සිංහල සාහි­ත්‍යය ගැන නොස­ලකා හරින අව­ස්ථාද වෙයි.

දරු­ව­කුට කියැ­වීම පිහි­ට­න්නට නම් වැඩි­හි­ටි­යන් තුළ කියැ­වීමේ හුරුව තිබිය යුතුය.
“අම්මා මට පොතක් ගෙනත් දුන්නා“ වයස අවු­රුදු දහ­යක පමණ වූ දරු­වකු අඹ යහ­ළුවෝ පොත අතේ තබා­ගෙන පැවැ­සුවේ බොහෝ සතු­ටිනි.

ඒ පොඩ්ඩාගේ සතුට හැම දරු­ව­කු­ගේම මුහු­ණින් දකි­න්නට ඇත්නම් යැයි සිතුණ වාර අප­ම­ණය.
දරු­වන්ට කියැ­වීම ඉබේ හුර­වන්නේ නැත. පොතක් දුන් පම­ණින් දරු­දැ­රි­යන් එය කිය­ව­න්නට ගන්නේ ද නැත. දරු­වන්ට කිය­වීමේ පුරුද්ද ඇති කළ යුත්තේ බාල වියේ සිට­මය. අපේ රට ගැන පම­ණක් නොව විශ්ව සාහිත්‍ය, මෙන්ම ලෝකයේ වෙනත් තොර­තුරු ඇතු­ළත් පොත්, ලෝක පූජිත ජීවන චරිත කිය­­ව­න්නට දරු­වන් හුරු කළ යුත්තේ මව පියා විසිනි. ජීවි­තය හදා ගන්නට, තමන් යන මාවත හඳුනා ගන්නට දරු­ව­න්නට මවගේ පියාගේ මඟපෙන්වීම වැද­ගත් වනවා සේම හොඳ පොතක් තෝරා ගන්නට ද වැඩි­හිටි ඇසු­රක් තිබිය යුතුය.

අදින් අව­සන් වූ පොත් සල්පිලේ ද යෞව­න ­යෞ­වනි­යන් මෙන්ම පාසල් දරු­වන් පසු­ගිය දිනවල එහි එන යන අයුරු දැක ගන්නට ලැබිණි.

නිද­හස් මන­සින් පොතක් කිය­ව­න්නට පොතක් ලිය­න්නට පාර කපා දිය හැක්කේ වැඩි­හි­ටි­යනි ඔබ­ටය. දරු­වාට ඒ හුරුව ගෙන ආ යුත්තේ ද ඔබ විසිනි. දරු­වන් පොත් කිය­වන්නේ නැතැයි දරු­වන්ට දොස් නඟ­න­වාට වඩා දරු­වන් යොමු කළ ­යුත්තේ වැඩි­හිටි ඔබය. දරු­වකු තුළ තිබිය යුතු සංය­මය, හික්මීම, කරු­ණාව දයාව ද පොත් කිය­වන දරු­වකු තුළින් දැකිය හැකිය. “කිය­වීම මිනිසා සම්පූර්ණ කරයි“ යන්න අපේ භාෂා­වට නිකම් ම එකතු වූ කිය­ම­නක් නොවේ.

මේ කියැ­වීම් මාස­යේදී හොඳ පොතක් කිය­ව­න්නට ඔබේ දරු­වාට හුරු කර­වන්න. පොතක් කියැ­වීම මාස­ය­කට පම­ණක් සීමා නොවේ. නමුදු පුරුදු පුහු­ණුව ඇති කළ විට දරු­වන් නිතැ­තින්ම කියැ­වී­මට හුරුවේ. අද දරුවා හෙට වැඩි­හි­ටි­යෙකි. එවිට අපට වඩාත් යහ­පත් සමා­ජ­යක් දැකී­මට හැකිය.

– ඉසවි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division