මගේ සුරතලා
මගේ සුරතලා පූසෙක්. එයාගේ නම මිමි. එයා කන්න කැමැති මාළු. එයා බොන්න කැමැති කිරි. මිමි මාත් එක්ක සෙල්ලම් කරනවා.
ශක්‍යා හේරත්
2 ශ්‍රේණිය, හිල්වුඩ් විදුහල, මහනුවර.
කැළි කසළ කළමනාකරණය කරමු
කැළි කසළ නිවාස තුළින් දිනපතා ඉවත් කිරීම අත්‍යවශ්‍ය වනුයේ එහි දුර්ගන්ධය, කෘමි සතුන් එකතුවීම ආදී හේතූන් නිසාය. මෙහිදී එය ක්‍රම දෙකකට ඉවත් කළ හැකි වේ. එහි ප්‍රයෝජනවත්ම ක්‍රමය වනුයේ, ගෙවත්තේදී කොම්පෝස්ට් නිෂ්පාදනයට යොදා ගැනීමට හැකියාව තිබීමයි. නිෙවසට නුදුරින් කපාගත් වළකට දිරන කසළ එකතු කර ඒවා දිරාපත් වූ පසු වගාවන්ට යොදා ගත හැකිය. නාගරීකරණය, තාක්ෂණ දියුණුව, කර්මාන්ත ශාලා වැඩිවීම, යටිතල පහසුකම් වැඩිදියුණු වීම සහ ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය නිසා කසළ ප්‍රමාණය වැඩිවීම ඉතා ඉක්මන් වන අතර කසළ වෙන්කිරිම ඉතා අත්‍යවශ්‍ය කරුණක් විය. එහිදී දිරන කසළ කොම්පෝස්ට් නිෂ්පාදනයටත්, නොදිරන කසළ බොහොමයක් ප්රතිචක්රීයකරණය කිරීමටත් යොදා ගැනීම තුළින් කසළ ප්‍රමාණය අඩුකරගත හැකිවේ.
නොදිරන කසළ බඳුන පිරුණු පසු එයද පහසුවෙන් වර්ග කිරීම මෙන්ම කඩදාසි, පත්තර, ප්ලාස්ටික්, වීදුරු, ලෝහ, විද්යුත් අපද්‍රව්‍ය ආදීය වර්ග කර අලෙවි කළ හැකිය. මින් අමතර ආදායමක් මෙන්ම නිෙවසේ ඉඩ ඇහිරීම අඩුකර නිෙවස පිරිසිදුව තබා ගතහැකිය.
අද වන විට බොහෝ රජයේ ආයතන කසළ සම්පත් බවට හැරවීමට මෙන්ම කසළ කළමනාකරණ කාර්යය සඳහා ද දැඩි වෙහෙසක් දරමින් සිටී. විවිධ අපද්‍රව්‍ය සඳහා විවිධ වර්ණ මලු හෝ බහාලුම් ලබාදීම, නියමිත දිනට පැමිණ ඒවා එකතු කර ගෙන යෑම, ජනතාව මේ පිළිබඳ දැනුම්වත් කිරීම, පාසල් දරුවන් සඳහා වැඩසටහන් පැවැත්වීම සිදු වේ.
කසළ වර්ග කිරීම, කසළ කළමනාකරණය හා සම්බන්ධ වැදගත්ම තීරණයයි. එසේම කොම්පෝස්ට් නිෂ්පාදනය, ප්ලාස්ටික් සහ පොලිතීන් ද්‍රව්‍ය නැවත භාවිත කිරීම හෝ සම්පූර්ණයෙන්ම භාවිතය අත්හැරීම, කුඩා ගෙවතු වගාවන් ආරම්භ කිරීම, අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉවීම, සමහර දේවල් කාලයක් භාවිත කිරීමෙන් පසු පරිත්‍යාග කිරීම වැනි ක්‍රියාවන් ද කසළ කළමනාකරණයේදී තවත් වැදගත් මූලාරම්භයන්ය. පාසල් යන අප විසින් ඉටු කළ යුතු කසළ කළමනාකරණය හා සම්බන්ධ කාර්යයන් පිළිබඳ දැනුම්වත් වෙමු. හැකි උපරිමයෙන් අපගේ වගකීම් ඉටු කිරීමට උත්සාහ කරමු.
තෙනුරි නවින්මා කීර්තිසේන
(පරිසර නියමු) 9 ශ්‍රේණිය A,
මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල.
අසිරිමත් අහස
උදෑසන ළා හිරු කිරනින් නැහැවුණු අහස් ගැබ රන් පැහැයෙන් බබලයි. පාට හතකින් හැඩවුණු අලංකාර දේදුන්න අහසට සුන්දරත්වයක් එක්කරයි.
රන් තැටියක් මෙන් පායා ඇති චන්ද්‍රයා රාත්‍රී අහසේ අසිරිය දෙගුණ තෙගුණ කරයි.
කහමල් වත්තක් මෙන් බැබළෙන අහස ඉතා මනරම් දසුනක් මවයි.
එම්. කේ. සඳිනි සත්සරණි
5 ශ්‍රේණීය පිටිපන කනිෂ්ඨ විද්‍යාලය,
හෝමාගම.
සිරි දළදා පෙරහර
සෙංකඩගල නුවර සිරි දළදා මැදුරේ
ඇහැළ මහට සිරි දළදා පෙරහැරේ
කරඬුව වැඩමවන ඇත් රජු එන අතරේ
සාදුකාර හඬ පැතිරෙයි නිරන්තරේ….
පසඟතුරු නාද තාලෙට වයන විට
නැට්ටුවො නටති යස හැඩතල විවර කොට
ගිනි කරකවන්නන් විස්කම් කරන විට
නව ආලෝකයක් ගෙන දෙයි පෙරහැරට…
මහවැලි ගඟට බැස හොඳ හැටි නා ගත්තු
ඇත් පරපුරේ අභිමානය රැකගත්තු
නේක වර්ණයෙන් රජ සළුපිළි ඇඳගත්තු
දළදා හිමිට වැඳ යති නායක ඇත්තු….
දළදා සමිඳු සිරිලක වැඩ වසනා තුරා
තෙරුවන් සරණ සතහට නිති ලැබෙන තුරා
සෙන්කඩගල නුවර පෙරහැර කරන තුරා
දළදා වඳිමු අපි සසරින් මිදෙන තුරා
කේ.ඒ. මල්කි එරන්දිකා
12 ශ්‍රේණිය (කලා),
දොන් පේද්‍රික් හ විද්‍යාලය
හොරණ.
මුහුද
හෝ හෝ හෝ හඬ නඟයි
නිදියන්නේ නෑ වගෙයි
රැලි නැඟෙයි පෙණ ඉහෙයි
මුහුද නම් හරි දඟයි…
වෙරළ සමඟ හඬ නඟයි
වෙරළ සමඟ සතුටු වෙයි
ආදරයෙන් සිප ගනියි
නිල් රැලි තෙර සිප ගනියි…
මසුන් සමඟ දඟ කරයි
සිංහ ගෙරවුමක් නඟයි
ධීවරයා තුටු කරයි
වෙලාවකට බය කරයි
අකීෆ් අහමඩ් -9 ශ්‍රේණිය,
රෝයල් ජාත්‍යන්තර පාසල,
කරුණෑගල.
මම සුළඟක් වෙමි
වාතය එක් තැනක සිට තවත් තැනකට යන විට මම උපදිමි. මම විටෙක මද පවනක් සේ මිනිසුන්ගේ ගත නිවමි. සැඬ වූ විට ගස්වැල් නිවාස උඳුරා පොළොවේ ගසමි. මගේ බලයෙන් මිනිස්සු විදුලියය ජනනය කරති. මෙතෙක් වේලා ඔබට කතා කළ මම සුළඟක් වෙමි.
ඩබ්ලිව්. සනුජ විමලසිරි
4 ශ්‍රේණිය සී,
උඩුගහ වල්පොල ඒකාබද්ධ විද්‍යාලය,
ගම්පහ.
මගේ රට
මගේ රට ශ්‍රී ලංකාවයි. ලස්සන මුහුදින් වට වී තිබෙනවා. ලස්සන කඳු පංති, දිය ඇලිවලින් හැඩ වී තියෙනවා. මගේ රටට මම හරිම ආදරෙයි.
සේනාලි හිරුන්දි සෙනෙවිරත්න
3 ශ්‍රේණිය ‘ඒ‘
ගෝතමී බාලිකා විද්‍යාලය
මහනුවර
මගේ රට
මගේ රට ශ්‍රී ලංකාවයි. ලස්සන මුහුදින් වට වී තිබෙනවා. ලස්සන කඳු පංති, දිය ඇලිවලින් හැඩ වී තියෙනවා. මගේ රටට මම හරිම ආදරෙයි.
සේනාලි හිරුන්දි සෙනෙවිරත්න
3 ශ්‍රේණිය ‘ඒ‘
ගෝතමී බාලිකා විද්‍යාලය
මහනුවර
අපේ ඉදිරි පරපුර පොත් කියවන්නට හුරුකරමු
පොත් සල්පිල අදින් අවසන්ය. ඉකුත් පළමුවෙනිදායින් ආරම්භ වූයේ කියැවීමේ මාසයයි. දින කාල වකවානු බෙදා වෙන්කර කියැවීමේ කාලයක් වෙන් කළ ද අද දවසේදී අපේ පාසල් දරුදැරියන්ට කියනවා ද යන්න නම් සොයා බැලිය යුතු කාරණාවකි. නව ලෝකයත් සමඟ යන දරුවන් බොහෝ විට සිටින්නේ නව තාක්ෂණික මෙවලම් සමඟය. එමෙන්ම අද අපේ දරුදැරියන් සීමා වන්නේ පාසල් පෙළ පොතට පමණි. මේ සියලු දේ අතර කියවීමට හුරු දරුදැරියෝද වෙති.එහෙත් බොහෝ දරුදැරියන් සිංහල සාහිත්‍යය ගැන නොසලකා හරින අවස්ථාද වෙයි.
දරුවකුට කියැවීම පිහිටන්නට නම් වැඩිහිටියන් තුළ කියැවීමේ හුරුව තිබිය යුතුය.
“අම්මා මට පොතක් ගෙනත් දුන්නා“ වයස අවුරුදු දහයක පමණ වූ දරුවකු අඹ යහළුවෝ පොත අතේ තබාගෙන පැවැසුවේ බොහෝ සතුටිනි.
ඒ පොඩ්ඩාගේ සතුට හැම දරුවකුගේම මුහුණින් දකින්නට ඇත්නම් යැයි සිතුණ වාර අපමණය.
දරුවන්ට කියැවීම ඉබේ හුරවන්නේ නැත. පොතක් දුන් පමණින් දරුදැරියන් එය කියවන්නට ගන්නේ ද නැත. දරුවන්ට කියවීමේ පුරුද්ද ඇති කළ යුත්තේ බාල වියේ සිටමය. අපේ රට ගැන පමණක් නොව විශ්ව සාහිත්‍ය, මෙන්ම ලෝකයේ වෙනත් තොරතුරු ඇතුළත් පොත්, ලෝක පූජිත ජීවන චරිත කියවන්නට දරුවන් හුරු කළ යුත්තේ මව පියා විසිනි. ජීවිතය හදා ගන්නට, තමන් යන මාවත හඳුනා ගන්නට දරුවන්නට මවගේ පියාගේ මඟපෙන්වීම වැදගත් වනවා සේම හොඳ පොතක් තෝරා ගන්නට ද වැඩිහිටි ඇසුරක් තිබිය යුතුය.
අදින් අවසන් වූ පොත් සල්පිලේ ද යෞවන යෞවනියන් මෙන්ම පාසල් දරුවන් පසුගිය දිනවල එහි එන යන අයුරු දැක ගන්නට ලැබිණි.
නිදහස් මනසින් පොතක් කියවන්නට පොතක් ලියන්නට පාර කපා දිය හැක්කේ වැඩිහිටියනි ඔබටය. දරුවාට ඒ හුරුව ගෙන ආ යුත්තේ ද ඔබ විසිනි. දරුවන් පොත් කියවන්නේ නැතැයි දරුවන්ට දොස් නඟනවාට වඩා දරුවන් යොමු කළ යුත්තේ වැඩිහිටි ඔබය. දරුවකු තුළ තිබිය යුතු සංයමය, හික්මීම, කරුණාව දයාව ද පොත් කියවන දරුවකු තුළින් දැකිය හැකිය. “කියවීම මිනිසා සම්පූර්ණ කරයි“ යන්න අපේ භාෂාවට නිකම් ම එකතු වූ කියමනක් නොවේ.
මේ කියැවීම් මාසයේදී හොඳ පොතක් කියවන්නට ඔබේ දරුවාට හුරු කරවන්න. පොතක් කියැවීම මාසයකට පමණක් සීමා නොවේ. නමුදු පුරුදු පුහුණුව ඇති කළ විට දරුවන් නිතැතින්ම කියැවීමට හුරුවේ. අද දරුවා හෙට වැඩිහිටියෙකි. එවිට අපට වඩාත් යහපත් සමාජයක් දැකීමට හැකිය.
– ඉසවි