Home » වයස අවුරුදු 13දී සාමාන්‍ය පෙළ ඉහළින් සමත් කළුබෝවිල නිවුන් දරුවෝ

වයස අවුරුදු 13දී සාමාන්‍ය පෙළ ඉහළින් සමත් කළුබෝවිල නිවුන් දරුවෝ

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

සුගිය කාලයේ මෙරට පැවැති කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පාසල් අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකිවීම නිසාවෙන් අපතේ ගිය දරුවන්ගේ කාලය පිළිබඳව බොහෝ මවුපියන් කනගාටුවෙද්දි පාසලේ 08 වසරේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 13 නිවුන් දරුදෙදෙනා එම කාලය අපතේ නොයවා උපරිම ප්‍රයෝජන ගෙන අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය කාලය කැප කළහ‍. අට වසරේ ඉගනුම ලබන ඔවුන් එහි අග්‍රඵල නෙළා ගනිමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඉතා ඉහළින් එම කඩඉම ජයගත් පුවතක් නුගේගොඩ කළුබෝවිල ප්‍රදේශයෙන් වාර්තා විය.

නුගේගොඩ කළුබෝවිල ඇන්ඩර්සන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම නිවුන් දරුවන් දෙදෙනාගෙන් දියණිය වන ඩබ්.පී.පී. නිතිකා සාධ්‍යා (13) නුගේගොඩ ශාන්ත ජෝන් (කාන්තා) විද්‍යාලයේ අට වසරෙහි ඉගෙනුම ලබමින් සිටියදී පහුගියදා පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභායට මුහුණ දී අධිසම්මාන හතක් සහ සම්මානයක් සමඟින් විභාගය සමත්ව ඇත.

එමෙන්ම ඇයත් සමඟ එම විභාගයට මුහුණ දුන් ඇයගේ නිවුන් සහෝරයා වන කොළඹ ඉසිපතන විද්‍යාලයේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඩබ්.පී.පී. නිශාන් සහජිත් (13) ද විභාගයේදී අධිසම්මාන සහ සම්මාන සහතික ලබා ගනිමින් විභාගය සමත්ව ඇත.

අඩු වයසකින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීම සඳහා මේ දරුවන් දෙදෙනාම අදාළ පාසල්වලින් නීත්‍යානුකූලව ඉවත්වීමෙන් පසු පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ මඟපෙන්වීම මත මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බව එම නිවුන් දරුවන් දෙදෙනාගේ පියා වන ඩබ්.පී.පී.නිශාන්ත පැවසීය. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක් වූ නිතිකා සාධ්‍යා දියණිය මෙසේ කීවාය. උසස් පෙළ ගණිතය අංශයෙන් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම මම පරිගණක තාක්ෂණික පැත්තටත් කැමතියි. ඉගෙනුම් කටයුතුවලින් පසු පරිගණක තාක්ෂණවේදියකු ලෙස කටයුතු කරන්න කැමතියි.

තමන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ නිශාන් සහජිත් පුතු ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය. අපි අට වසරේ සිටින කාලයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමුද කියලා අක්කා මගෙන් ඇහුවා. එයත් මා එක්ක විභාගය ලියන නිසා මටත් ආස හිතුණා. ඒ ගමන අපි දෙන්නම එකට පාඩම් කරන්න කටයුතු කළා. මටත් වැඩිය හොඳට අක්කගේ ප්‍රතිඵල තියෙනවා. අපි දෙන්නම විභාගය සමත් වෙච්ච එක ගැන මට හුඟක් සතුටුයි. මගේ අම්මා නිරෝෂා සෙව්වන්දි තාත්තත් එක්ක හුඟක් උදව් කළා අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න. ඒ වගේම අපිට උගන්වන ලද ගුරුවරුත්. මේ වන විට මම ලන්ඩන් උසස් පෙළ විභාගයට ඉගෙන ගනිමින් ඉන්නවා. අක්කා වගේම මමත් පරිගණක තාක්ෂණවේදියකු ලෙස කටයුතු කරන්න කැමතියි. අපිට උදව් කරපු ගුරුවරු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division