වර්තමානයේ රටේ පවතින ආර්ථික අස්ථාවරත්වයට හේතුව මූලිකව පැහැදිලි කරගත යුතුයි. මේ අස්ථාවරත්වයට පත්වීම ආර්ථිකය සාමාන්‍ය පරිදි හැසිර වූ විට හෝ ස්වාභාවික සිදුවීමක් නිසා ඇතිවූවක් නොවෙයි. එය පසුගිය කාලයේ රට පාලනය කිරීමේදී ඇතිවූ අක්රමිකතාවල ගැටලුවකි. අපේ ආර්ථීකය දියුණු නොකිරීම, අසාමාන්‍ය ලෙස ණය ගැනීම, ණය අවභාවිතය, ආර්ථිකය කිහිපදෙනෙක් තුළ හැසිරීම, ප්රතිලාභ ලබාගැනීම සහ වංචාව දූෂණය වැනි හේතු නිසා හිතාමතාම රටේ ආර්ථීකය බිඳවැට්ටවීමක් සිදුවී ඇත.
ඡන්දයට ඉදිරිපත් වීමටත් පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබිණි. වෙළෙඳපොළ තුළ මූල්‍ය ස්ථායීකරණයක් අවශ්‍ය බවත්, එසේම ආණ්ඩුවේ ආදායම් වියදම්, දේශීය විදේශීය සංචිත සහ මූල්‍ය අංශ ස්ථායීකරණය සිදු කළ යුතු බව එහිදී පැහැදිලි කරන ලදි. එසේම පොලී අනුපාතිකයන් ඉහළ මට්ටමක තිබීම සහ මූල්‍ය පිරිවැය වැඩි වී ඇත. නමුත් එක්වර එය සිදුකළ නොහැකිය. රට තුළ වන මූල්‍ය සම්පත් නිෂ්පාදනය වේගයෙන් සම්බන්ධ කරගනු ලබන ක්‍රමවේදයන් ගණනාවක් සකස් කිරීම ඉදිරියේදී බලාපොරොත්තු වෙයි. එහිදී උද්ධමනය යම් ආකාරයකට පාලනය කිරීමට හැකියාව ලැබෙයි. ඒ සමඟම පොලී අනුපාතිකය ස්ථාවර කර ගැනීම සඳහා වෙළෙඳපොළ උච්ඡාවචනය අඩු කර ගැනීම අපේ අපේක්ෂාවයි. එසේම විදේශ විනිමය අනුපාතිකය පුරෝකථනය කරගත හැකි මට්ටමට හසුරුවා ගැනීමට ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇත.
ආණ්ඩුවට ප්‍රමාණාත්මක ආදායමක්
ඉදිරියට රටේ ආර්ථීකය බිඳනොවැටී ගෙන යාමට සැලසුම් රැසක් අප සකස් කර තිබෙයි. එසේම ආණ්ඩුවේ විශාල අභියෝගය වන්නේ ආදායම් ස්ථායීකරණය කිරීමට අවධානය යොමු කිරීමයි. විශාල බදු අනුපාත අයකර ගනිමින් වැට් 36% වැඩිකර කොම්පැනිවලින් 36% බදු අය කර ගෙනද දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% අඩු ආදායමක් හිමි කරගෙන ඇත. එසේ නම් බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ යම් වැරදි සහගත තත්ත්වයක් වෙයි. බදු ගෙවීමට සුදුසු පුද්ගලයන් තෝරාගෙන බදු අය කර ගැනීමට කටයුතු කෙරෙන අතර, ආදායම් බදු දෙපාර්තමේන්තුව යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කිරීමක් එක් අපේක්ෂාවකි. එසේ වුවහොත් රජයට ස්ථාවර ආදායමක් හිමිවෙයි. මෙතෙක් දිගින් දිගටම අයවැය පරතරය පැවැති අතර ආණ්ඩුවට ප්‍රමාණාත්මක ආදායමක් නැත.
අනෙක් කරුණ නම් විදෙස් සංචිත ප්‍රමාණය යම් තාක් දුරකට ඉහළ නංවාගත යුතුයි. එසේම ජනාධිපතිවරයා බලයට පත්වී කෙටි දිනකින්ම යම්තාක් දුරකට ඉහළ නැංවී ඇත. එසේ සිදුවී ඇත්තේ තිරසාර ආකාරයට නොවෙයි. මක්නිසාදයත් අපනයන සීමා කිරීම් ගණනාවකට යටත් තත්ත්වයක් මේ වනවිට පවතී. ඉතා ඉක්මනින් ආනයන සීමා කිරීම ඉවත් කිරීමට සිදුවෙයි. එසේම අපි විදේශ ණය ආපසු ගෙවීමක් සිදු නොකරයි. කෙසේ වුවත් මේ සඳහා ආදායම් වැඩි කරගත යුතු අතර මේ වන විටත් විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය වැඩි වී ඇත. විදෙස් සංචිත වැඩිකර ගැනීමට තොරතුරු තාක්ෂණ කර්මාන්තය, සංචාරක කර්මාන්තය දියුණු කිරීමට වැඩ පිළවෙළක් යෝජනා කර තිබෙයි. විදෙස් ප්‍රේෂණ සඳහා වැඩි අවධානයක් යොමු කරන අතර ආයෝජන ව්‍යාපෘති හඳුන්වා දීමටද කෙටි කාලීනව ධීවර කර්මාන්තය, ඛණිජ ආශ්රිත කර්මාන්ත, කෘෂිකාර්මාන්ත ආශ්‍රීත කර්මාන්ත වැඩි දියුණු කිරීමට කටයුතු කරයි. එලෙස සමාජ ස්ථායීකරණය සිදුකිරීම වැදගත් වෙයි.
නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු කිරීම
කෙසේවුවත් මෙරට ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් සහනාධාර මත යැපෙන තත්ත්වයක් තිබෙයි. අස්වැසුම අයදුම්පත් ලක්ෂ තිස් හයක් ලැබී ඇත. රටක් ගොඩගන්න නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා සෑදීමට නිෂ්පාදනයට යොමු වීමට සාමාජීය වශයෙන් කෙටි කාලීනව යම් යම් සහනාධාර සැපැයිය යුතුයි. ඒ ඒ ක්ෂේත්රවලට අනුරූපව යම් සහනාධාර වැඩපිළවෙළක් සකස් කිරීම සැලසුම් කර ඇත. එය කෙටි කාලීනව ක්‍රියාත්මක කිරීමට මූලික ප්රවිෂ්ටයක් ලබාගන්නා අතර දෙවැනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතරතුර නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු කිරීමට කර්මාන්ත ශාලා බිහිකිරීම, විදෙස් ආයෝජන කැඳවීම සිදුකළ යුතුයි. විදේශිකයන්ට පුද්ගලික අංශයට දේශීය ඍජු ආයෝජකයන්ට අවශ්‍ය පරිසරයක් සකස් කරදීම පහසුකම් සැපැයීම සහ ආයෝජකයන්ට පහසුකම් සැපැයීම දෙවැනිව සිදුකෙරේ.
තුන්වැනි පියවර ලෙස ආයෝජකයන් කැඳවීම සිදුකිරීමද නව ව්‍යාපාර වෙළෙදපොළ පිළිබඳ සහ නව ව්‍යාපෘති පිළිබඳ අදහස් විමසා ඔවුන්ගේ ව්‍යාපෘති සම්බන්ධයෙන් සලකා බලා ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය පහසුකම් සලසා දී ලියාපදිංචි කිරීමට අවසර ලබාදී ලියාපදිංචියට ඇති සංකිර්ණ ක්‍රියාවලිය ලිහිල් කරමින් අවසර ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමද එසේම ව්‍යාපාර කිරීමේ පහසුව ඇති කිරීම ඉදිරියේදී සිදුවෙයි.
ණය ගෙවීමට අවශ්‍ය ආර්ථිකය
පසුගිය රජය ආයතනයන් විකුණා දැමීමට සූදානම් විය. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඔවුන් උත්සාහ කළේ අලාභ වැඩි සහ වියදම් වැඩි යන කරුණු මතයි. මේ ආයතනයන් දේශපාලනීකරණය වීම කාර්යක්ෂමතාවය අඩුවීම අපි හඳුනාගත් හේතුවෙයි. පසුගිය ආණ්ඩුව සිදු කළේ අකාර්යක්ෂමතාවය ඉවත් කර කාර්යක්ෂමතාවය සෙවීම වෙනුවට සහ ඵලදායිතා ගැටලුවලට විසඳුම් සෙවීම වෙනුවට විකුණා දමා තවත් ඩොලර් සොයා ගැනීමටයි. එසේ කිරීම භයානකයි. ඇතැම් රාජ්‍ය ව්‍යවසායකයන් උපාය මාර්ගික වශයෙන් වැදගත්වෙයි. රටේ ආර්ථික වෘද්ධියටත් සංවර්ධනයටත් වැදගත් වන ආයතන වෙන වෙනම සොයාබලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වෙයි. දැනටමත් ඒ ආයතනවලට අප අධ්යක්ෂ මණ්ඩල, කළමනාකාරුවන්, අධ්‍යයනය කිරීමට වෙනම කමිටු පත් කර තිබෙයි. ඒ විද්වත් කමිටුවලින් අපිට ලැබෙන වාර්තා අනුව එම තීන්දු මහජනතාවට පෙන්වා දී ඒ ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අපේ බලාපොරොත්තුවයි.
ඉදිරියේදී ණය ගෙවීමට අවශ්‍ය ආර්ථිකය දියුණු කර ඒ මඟින් අලුතින් ඩොලර් නිෂ්පාදනය වන විට ඒ මුදල් භාවිත කර ඒ සැලසුමකට අනුව ණය ගෙවීමට හැකියි. අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන්නේ ක්‍රමානුකූලව අදාළ වසරේ ආර්ථික වර්ධන වේගය ගණන් හදා නිසි ක්‍රමවේදයක් අනුවයි. මේ ආර්ථීක වෘද්ධියට වඩා වැඩි ආර්ථීක වෘද්ධියක් ඉදිරියේදි ලැබෙන බව අපට විශ්වාසයි.
මේ අනුව දිගු කාලීනව ණය ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියාවක් ලැබෙයි. අපි ඒ සඳහා ඉලක්කයක් සකස් කරමින් කටයුතු කරන අතර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොතු වෙයි. මේ වසර පහ තුළ සංචාරකයන් අවම වශයෙන් මිලියන හතරක් පහක් ඇතුළත ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත. එයට අවශ්‍ය පහසුකම් දියුණු කිරීමට පුද්ගලික අංශයට මඟ පෙන්වීමක් සිදුකළ යුතුයි. ඉදිරියේදී විදෙස් ප්‍රේෂණ වැඩි කිරීමට යම් වැඩසටහනක් ද, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ දී දිරිමත් කිරීම අපනයන අාදායම වැඩිදියුණු කිරීම සහ තාක්ෂණික පහසුකම් පර්යේෂණ කිරීම් සඳහා පහසුකම් සැපැයීමට යෝජනා කර තිබෙයි.
ඉතා ඉක්මනින් බදු අඩු කිරීමට අපි යෝජනා කර ඇත. අපනයන වෙළෙඳ පොළට යෑමට පහසුකම් සැලැසිය යුතුයි. එසේ වෙළෙඳපොළ සොයා දීම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහ විදෙස් වෙළෙදාම් සඳහා වෙළෙඳපොළ සොයාදීම සහ වෙළෙඳ ගිවිසුම්වලට යෑමට අපේක්ෂා යෝජනා රැසක් වෙයි. එසේ වෙළෙඳ ගිවිසුම්වලට ඉලක්ක ලබාදිය යුතුයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නිෂ්පාදනයට හවුල් කර ගැනීමට වැඩපිළිවෙළක් අංශ කිහිපයකින් සකස් කෙරෙයි. එය සාර්ථකද අසාර්ථකද යනුවෙන් ව්‍යාපාරවල ශක්‍යතාව සොයා බැලීමට වෙනම රාජ්‍ය ආයතනක් පිහිටුවීම අපේක්ෂාවයි. එසේ ම ජාත්‍යන්තර බහුපාර්ශ්වීය ආයතන එනම් ලෝක බැංකුව සහ ඒ. බී. ඒ. ජයිකා වැනි ආයතනවල සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ට වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කරමින් තිබෙයි.
එසේ ම ඉදිරියේදී IMF සමඟ සාකච්ඡා කර නිශ්චිත වශයෙන්ම ජනතාවට ප්රතිලාභ ලබාදීමට කටයුතු කරනු ලබයි. අපි බදු බර සම්බන්ධයෙන් IMF සමඟ සාකච්ඡා කළ අතර බදු බර ඉවත් කරගත යුතු බව දැනුම්වත් කළෙමු. එසේම අපි මේ වනවිටත් පියවර රැසක් ගෙන ඇති අතර, රාජ්‍ය ආයතනවල වියදම් කප්පාදු කිරීම දැනටමත් ආරම්භ කර ඇත. අප සහනාධාර වැඩි කරන අයුරු සහ ආදායම් වැඩි කරන අයුරු IMF එකට පෙන්වා දිය යුතුයි. පසුගිය රජය හැකි තරම් බදු වැඩිකර සාමාන්‍ය මිනිසුන්ට දරාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත කර ඇත. එසේම ආරෝපිත කුලී බද්දක්ද යෝජනා කරනු ලැබිණි. මේවා බදු මූලධර්මවලටත් පටහැණි වෙයි. IMF විකල්ප තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ අතර අාදායම් වියදම් කළමනාකරණය සමඟ ගැළපෙන්නේ නම් කිසිදු ගැටලුවක් නොමැති අයගේ අදහසයි.
බදු අදායම් වැඩි කරගෙන සාමාන්‍ය ජනතාවගේ හිස මත වැටි ඇති බදුවලින් නිදහස් කිරීමත්, වියදම් කළමනාකරණය තුළින් කාර්යක්ෂමතාවය වැඩිකර සහනයක් ලබාදීමත් මඟින් මේ තත්ත්වය අපිට වෙනස් කළ හැකියි. සාමාන්‍යයෙන් ලෝකයේ මූලික ආහාර ද්‍රව්‍යවලට වැට් බදු අය නොකරයි. අපි ඒ මූලධර්මයේ සිට වැඩ කිරීමට රටේ පාලන බලය හිමිකර ගෙන ඇති පක්ෂයයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලෙහිම වැට් බද්ධ ඉවත් කිරීම ඉතා ඉක්මනින් සිදු කිරීම අපේ බලාපොරොත්තුවයි. ප්රජාතන්ත්රවාදී ලෙස බදු අය කිරීම අපේ අරමුණයි. සාමාන්‍ය ජනතාව මත පටවා ඇති බද්ධ ඉවත් කිරීම අවශ්‍යයි . ආහාර ද්‍රව්‍ය සෞඛ්‍ය අධ්‍යාපනය පාසල් උපකරණවලට බදු අය කිරීමට නොහැකියි. මේ බදු ඉවත් කිරීමෙන් යම් ආදායමක් අහිමිවෙයි. අපි ඒ අභියෝගයට මුහුණ දීමට සුදානම් අතර විකල්ප යෝජනා ඉදිරිපත් කර ඒවා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවත් සමඟ සාකච්ඡා කර අතුරු අයවැයේදි ඉදිරිපත් කිරීම අපේ බලාපොරොත්තුවයි.
වංචාව සහ දූෂණයට තිත
මහ මැතිවරණයෙන් පසුව පත්වෙන ආණ්ඩුව හොරකම, වංචාව සහ දූෂණය යන්න ඇමැති සහ නිලධාරියාට ලඝු නොකළ යුතුයි. එය සංකිර්ණ ගැටලුවකි. මේවා සියලු තැන් එකට ගැට ගැහි ඇත. දේශපාලනික වංචාව දූෂණය නැවැත්විය යුතුයි. අපි මේ සඳහා නව ක්‍රියාපටිපාටි හඳුන්වා දී ඇත. භාවිතයෙන් එය සිදු කිරීමට හැකි සෑම තැනටම තාක්ෂණය යෙදවීමට කටයුතු කරමු. දේශපාලන යාන්ත්‍රණය අදූෂිත වනවිට නිලධාරීන් පවා එතැනට නොයයි. ඉහළ සිට පහළ ස්තරයන්ට වංචාව දුෂණය නොකරන්නයැයි කීමට වඩා ඒ අයට ජීවත් වීමට හැකි ආර්ථිකයක් සකස් කළ යුතුයි. තාක්ෂණ නිලධාරීන් මේ සම්බන්ධයෙන් කටයුතු කර වංචාව දූෂණය ඉවත් කිරීමට කටයුතු කරාවි යැයි අපි විශ්වාස කරන අතර, අපේ අරමුණ මනුෂ්‍යත්වයට ගැළපෙන ගෞරවාන්විත වැටුපක් සියලු පාර්ශ්වයන්ට ලබාදීමයි. අපිට එය කළහැකි බවට විශාල විශ්වාසයක් ඇත. .
බදු අය කළ යුත්තේ ගෙවීමට හැකි සීමාවේ අයගෙනුයි. එසේ නොමැති පිරිසගෙන් අය කිරීම ආසාධාරණයි. පුද්ගල බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ දැමීම අපි සිදුකරනු ලැබු අතර එයට හේතුව ලංකාවේ ජීවන වියදම අනුව පාරිභෝගික මිල දර්ශකයෙන් උද්ධමනය මැනීමේදී එහි දර්ශකයක් ලෙස වෙළෙද පොළ වටිනාකම එකතු කළ විට හතර දෙනෙකුගෙන් යුතු පවුලකට එක් ලක්ෂ හැත්තෑ අටදහසක මුදලක් මාසයකට වැයවෙයි. එසේ තිබියදී පසුගිය රජය ලක්ෂයේ සිට බදු අය කිරීමට කටයුතු කර ඇත. බදු අය කර ගැනීමට විකල්ප ක්‍රියාමාර්ග රැසක් වෙයි. බද්දට යටත් නොවන එහෙත් ගෙවිය යුතු විශාල පිරිසක් සිටියි. ඒ අය සම්බන්ධ කරගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ඉදිරියේදි ජනතාව කැමැත්තෙන් බදු ගෙවන බවට විශාල විශ්වාසයක් වෙයි. විශාල ලෙස බදු අය කළවිට මිනිසුන් ප්‍රමාණවත් ලෙස බඩුමිල දි ගැනීම සිදුනොවෙයි. බඩු මිලදී ගැනීම් අඩුවෙන විට ක්‍රය ශක්තිය නැති වෙයි. වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන්ගේ බඩු විකිණීමට නොහැකි වෙයි. පසුගිය ආණ්ඩු සමයේ වෙළෙඳපොළ හැකිළීම නිසා භාණ්ඩ නිෂ්පාදනය අඩු වී ඇත. එවක පැවැතියේ හැකිළුණු ආර්ථීකයක් බව අපි දනිමු.
සුබසාධන ආර්ථිකයක්
සුබසාධනවාදය යන දේ ගැන පැහැදිලි කළ යුතුයි; මිනිසුන්ව ආර්ථික ක්‍රියාවලියෙන් පන්නා දමා මිනිසුන්ට මේ ආර්ථිකය තුළ ජීවත් වීමට නොහැකි තත්ත්වක් ඇති කර කීයක් හෝ රජයෙන් දීමක් සිදු කර ඇත. එය සුබසාධනවාදයක් නොවෙයි. මෙය එක්තරා අල්ලසක් විය හැකියි. සුබසාධන ආර්ථිකයක් යනු රටක් තුළ නිෂ්පාදන ක්‍රියාවලිය තිබියදී ආණ්ඩුව එකතු කර ගනු ලබන බදු මුදල්වලින් රටේ පොදු කාර්යයන් කාර්යක්ෂම ආකාරයට සිදු කිරීමයි. සුබසාධන වාදය යනු කීයක් හරි නොමිලේ දීම නොවෙයි. එය සුබසාධන ආර්ථිකයක් නොවෙයි. යුරෝපා රටවල් අධ්‍යපානය සෞඛ්‍ය පොදු පහසුකම් සුබසාධනය ලෙස හඳුන්වනු ලබන අතර ඒවා ඉතාමත් ඉහළ මට්ටමක පවතියි. සිදුවිය යුත්තේ මිනිසුන්ට අහරක් නොමැතිව වැටුණුවිට ජීවත් වීම අහිමි කර කීයක් හෝ දීම නොවෙයි. ජාතික ජනබලවේගයේ මැදිහත්වීම සිදුකරන්නේ මිනිසුන්ට කීයක් හරි දීමට නොවෙයි . දැන් මිනිසුන්ට අහිමි කර තිබෙන තත්ත්වයෙන් ගොඩ ගෙන සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගන්නා තෙක් ඔවුන්ට මූලික අවශ්‍ය කරන ආහාර ඖෂධ ලබාගැනීමට යම් මුදලක් ලබාදීමයි අපේ අරමුණයි. රට තුළ නිදහස් සෞඛ්‍ය අධ්‍යාපනය මහාමාර්ග සුබසාධන ආර්ථිකයක් ගොඩනැඟීම අපේ නියත අරමුණයි. දීන පුද්ගලයෙක් වෙනුවට අදීන ආර්ථික හැකියාව ඇති මිනිහෙක් බිහිකිරිම අපේ අරමුණුයි.
සුභද්‍රා දේශප්‍රිය