Home » ජනතාවට සහන සැලසීම අපේක්ෂාවයි

ජනතාවට සහන සැලසීම අපේක්ෂාවයි

ජනපති IMF නියෝජිතයන්ට කියයි

by Mahesh Lakehouse
October 5, 2024 12:39 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු සමඟ තමන් එකඟ වන බවත් ඒ අතරම ජනතාවට සහන සැලසීම තම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවේ පැවසුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පසුගිය 4 වෙනිදා ජනාධිපති කාර්යාලයේ දී පවත්වන ලද දෙවන සාකච්ඡාවේදී මේ බව පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ තුන්වන සමාලෝචනයට අදාළ ඉදිරි කටයුතු සහ එහිදී ඇති විය හැකි ප්‍රමාදයන් මඟහරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශ්වය විසින් එහිදී සාකච්ඡා කරන ලදි.

එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප ප්‍රවේශයන් පිළිබඳව සැලකිලිමත් වෙමින් එම ඉලක්ක වෙත ළඟා වීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division