මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 868 දෙනෙකුට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මේ වන විට ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා හිමිවූ කණ්ඩායම් සංඛ්‍යාව 135කි. ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර, එම අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ලාංකිකයින් 1696 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිව තිබේ.
මේ දිනවල ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්වය හමුවේ එරට රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු කරදරයක් සිදුවී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් තහවුරු කර තිබේ.
ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.