Home » විදෙස් සයිබර් අපරාධ කණ්ඩායමක් පසුපස සීඅයිඩී විමර්ශන

විදෙස් සයිබර් අපරාධ කණ්ඩායමක් පසුපස සීඅයිඩී විමර්ශන

by Mahesh Lakehouse
October 5, 2024 12:36 am 0 comment

මෙරටට ඇතුළු වී සයිබර් අපරාධ සිදු කරන යුක්‍රේන, ඉන්දියා සහ බල්ගේරියන් ජාතිකයන්ගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආවේක්ෂණ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ කණ්ඩායමට අයත් බවට සැකකරන යුක්‍රේන ජාතික සයිබර් අපරාධකරුවන් දෙදෙනෙකු මේ වනවිටත් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මේ සයිබර් අපරාධකරුවන් මෙරටට පැමිණීමට පෙර මෙරට බැංකු පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ ඉතා සියුම්ව නිරීක්ෂණය කර ඇති බවට ද රහස් පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත. රහස් පොලිසිය මේ පිළිබඳව අධිකරණයට ද මේ වන විට කරුණු වාර්තා කර ඇත.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division