Home » ඉන්දීය විදේශ කටයුතු ඇමැති ජනපති හමු වෙයි

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ජනපති හමු වෙයි

by Mahesh Lakehouse
October 5, 2024 12:35 am 0 comment

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පසුගිය 4 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාව.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව ධුර කාලය ආරම්භ වීමත් සමඟම මෙරට සංචාරයකට එක්වීමට ලැබීම පිළිබඳ සතුට පළ කළ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වීය.

එසේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබපැතුම් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූ ජයශංකර් මහතා ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය.

එසේම නුදුරු දිනකදීම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ද නුදුරු පහසු දිනකදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කර සිටියේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division