ජපානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට සහ රැකියා අවස්ථා උදාකර ගැනීමේ ක්‍රමවේදයන් හා එහි සමාජ, සංස්කෘතික වටපිටාව පිළිබඳ අවබෝධයක් ලබාදීමේ සම්මන්ත්‍රණයක් පසුගියදා බම්බලපිටිය – තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්විණි.
සුගා මුගෙන් සභාපති ආචාර්ය නොරිඅකි සුගා මහතා හා එහි උපදේශක, ජපානයේ වැඩ වාසය කරන ආචාර්ය සුදුහුම්පොළ විමලසාර හිමියන් Zoom තාක්ෂණය ඔස්සේ දරුවන් සඳහා විශේෂිත කරුණු රාශියක් ගෙන හැර දක්වන ලදි.
එලෙසම සූර්ය භාෂා මධ්‍යස්ථානයේ ජපන් භාෂාව පිළිබඳ උපදේශකවරිය වන ගීතිකා සෙනෙවිරත්න මහත්මිය සම්මන්ත්‍රණය තුළ ප්‍රධාන දේශනය පවත්වමින් ජපන් භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම, එහිදී රැකියා අවස්ථා උදාකර ගැනීමේ හැකියාව, ජපන් සංස්කෘතිය හා සමාජ රටාව, ජපන් භාෂාව පිළිබඳ විභාග සහ එහි තාක්ෂණික තොරතුරු එදින සහභාගි වූ සිසු සිසුවියන් හට ලබාදෙන ලදි. මේ එහි අවස්ථාවකි.