Home » ජපානයේ අධ්‍යාපනයට සම්මන්ත්‍රණයක්

ජපානයේ අධ්‍යාපනයට සම්මන්ත්‍රණයක්

by Mahesh Lakehouse
October 5, 2024 12:33 am 0 comment

ජපානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට සහ රැකියා අවස්ථා උදාකර ගැනීමේ ක්‍රමවේදයන් හා එහි සමාජ, සංස්කෘතික වටපිටාව පිළිබඳ අවබෝධයක් ලබාදීමේ සම්මන්ත්‍රණයක් පසුගියදා බම්බලපිටිය – තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්විණි.

සුගා මුගෙන් සභාපති ආචාර්ය නොරිඅකි සුගා මහතා හා එහි උපදේශක, ජපානයේ වැඩ වාසය කරන ආචාර්ය සුදුහුම්පොළ විමලසාර හිමියන් Zoom තාක්ෂණය ඔස්සේ දරුවන් සඳහා විශේෂිත කරුණු රාශියක් ගෙන හැර දක්වන ලදි.

එලෙසම සූර්ය භාෂා මධ්‍යස්ථානයේ ජපන් භාෂාව පිළිබඳ උපදේශකවරිය වන ගීතිකා සෙනෙවිරත්න මහත්මිය සම්මන්ත්‍රණය තුළ ප්‍රධාන දේශනය පවත්වමින් ජපන් භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම, එහිදී රැකියා අවස්ථා උදාකර ගැනීමේ හැකියාව, ජපන් සංස්කෘතිය හා සමාජ රටාව, ජපන් භාෂාව පිළිබඳ විභාග සහ එහි තාක්ෂණික තොරතුරු එදින සහභාගි වූ සිසු සිසුවියන් හට ලබාදෙන ලදි. මේ එහි අවස්ථාවකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division