939
ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය කොරියානු ආහාර ප්‍රදර්ශනයක් පසුගියදා කොරියානු තානාපති නිල නිවසේදී පැවැත්විණි. කොරියානු නාට්‍ය සහ චිත්‍රපටවල දක්නට ලැබෙන ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රිය කිම්චි, කොරියානු නූඩ්ල්ස් මෙන්ම විදී ආපන ශාලාවල රස විඳිය හැකි කොරියානු ආහාර වර්ග මෙහිදී පිළි ගැන්විණි. එහිදී කොරියානු සූපවේදියා ආහාර සකස් කරන ආකාරයද පැමිණ සිටි අයට සජීවීව දැක ගැනීමට හැකි විය. මෙරට කොරියානු තානාපතිනි මියෝන් ලී මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය – විමල් කරුණාතිලක