ජනාධිපතිවරණ කාලසීමාවේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් අත්හිටුවනු ලැබූ දේශපාලන පක්ෂ අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ වැඩසටහන්, ව්‍යාපෘති සහ ජනතා සහන ලබාදීම් ආදිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැවැසීය.
ඒ අනුව 2024/ 2025 මහ කන්නයේ වගා කටයුතු සඳහා පොහොර ලබා දීම, ධීවරයන් සඳහා වූ සහනාධාර මෙන්ම සැප්තැම්බර් මාසයේ හිඟ මුදල ද සමඟ ඔක්තෝබර් මාසයට ගෙවීමට නියමිත විශ්‍රාමික වැටුප් සඳහා වැඩි කළ දීමනාව ගෙවීමට කිසිදු බාධාවක් නැති බව ද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරණ කාලසීමාවේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා තිබූ සියලු කාර්යයන් ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බැවින් ඇතැම් පාර්ශ්ව විසින් මහජනතාව නොමග යවන අන්දමෙන් ගෙන යන ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.
සුරේකා නිල්මිණි ඉලංකෝන්