ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන සංස්කෘතික ක්‍රීඩා හා තාක්ෂණ අමාත්‍යාංශය, ජපානයේ BIIKU – BUNAKA KYOKAI චිත්‍ර කලා අධ්‍යාපන පදනම සමඟ ජාත්‍යන්තර PENTAL සමාගම ඒකාබද්ධව 1970 වසරේ සිට පවත්වාගෙන එන ජාත්‍යන්තර ළමා චිත්‍ර තරගය 55 වැනි වරටත් මෙවර ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
හොඳම චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කරන ලෝකයේ රටවල් 10ක ජයග්‍රාහකයන්ට ජපන් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සුපිරි රන් පදක්කම්, රන් පදක්කම්. රීදී පදක්කම්, ලෝකඩ පදක්කම්, පාසල් උපකරණ මෙන්ම වටිනා සහතික පත් පිරිනැමේ.
වයස අවු. 3-15 දක්වා ශ්‍රී ලංකාවේ සියලු දූ පුතුන්ට සඳහා විවෘත වන මෙම තරගය සඳහා කොලාජ්, ෆ්රැපික් මුද්‍රිත චිත්‍ර ඕනෑම වර්ණ මාධ්‍යයකින් ඔක්තෝබර් 10 දින තෙක් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. විස්තර සහ නිර්දේශිත අයදුම්පත් නම, ලිපිනය ලියූ මුද්දර කවරයක් එවීමෙන් මෙන්ම 071 9671515 / 077 2828803 අංකයට Whatsapp කිරීමෙන් ලබාගත හැකිය.