මහමැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමේදී රට ගොඩනැඟිය හැකි පිරිසිඳු නව දේශපාලන සංස්කෘතියකට අනුගතවන ජනතාවගේ ගෞරවයට ලක් වන සේ ව්‍යවස්ථාදායකය තුළ වගකීම් ඉටු කළ හැකි අපේක්ෂකයන්ට පමණක් නාමයෝජනා ලබා දෙන ලෙස ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය සියලු පක්ෂවලින් ඉල්ලීමක් කර සිටී.
එම පක්ෂයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්නගේ අත්සනින් යුත් ලිපියක් මඟින් දන්වා ඇත්තේ
පසුගිය වසර කිහිපය තුළ අප රට පත්වූ තත්ත්වයන් සැලකිල්ලට ගෙන ආර්ථික සමාජීය හා දේශපාලන අර්බුදය නිමා කරමින් පවත්නා තැනින් රට ඉහළට ඔසවා තැබිය හැකි ප්‍රතිපත්ති මූලික දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවෙන් සියලු පක්ෂ එක්ව කටයුතු කළ යුතු බවයි.
එය සියලු ජන කොටස්හි අභිලාෂය බවද එහි දැක්වේ.