Home » ගායනය වගේම නොටේෂන් හදන්නත් සමත් සුලක්ඛණා

ගායනය වගේම නොටේෂන් හදන්නත් සමත් සුලක්ඛණා

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment
නාමලී ගමගේ

ඇය නමින් සුලක්ඛණා මාපලගමය. උතුරු ඉන්දියානූ වාදන ශෛලියකට අනුගත වෙමින් ඉදිරිපත් කළ යුතු ඒකල වාදනයක් වූ ගිටාර් වාදනයේ “ධූන් වාදන ශෛලියෙන්“ඉදිරිපත් කිරීම ඇගේ විශේෂත්වයයි.

පුංචි කාලෙ ඉඳන්ම මං සංගීතය හැදෑරුවා. මගේ පළමු සංගීත ගුරුවරයා වුණේ මගේ තාත්තා. ඔහු ජගත් මාපලගම.

වෘත්තීය සිතාර් වාදකයකු විදිහට ඔහුට දිගු ඉතිහාසයක් තියෙනවා. මට ස්වර හත කියල දුන්නේ මගේ තාත්තා. මුලින්ම ඔහුගෙන් සිතාර් වාදනය ඉගෙන ගත්තා. ඊට පස්සෙයි ගිටාර් එකට ආස හිතුණේ. 2016 අවුරුද්දේ පළමුවෙන්ම මම ගිටාර් එක ප්ලේ කරන්න පටන් ගත්තේ තාත්තා මට තෑග්ගක් විදිහට අරන් දුන්න ගිටාර් එකෙන්.

මං ගොඩක්ම කැමති බටහිර ගීතවලට. අනෙක් ගීතත් ගායනා කරනවා. විශේෂ අවස්ථාවලදී මං ගිටාර් එක ප්ලේ කරමින් ගීත ගායනා කරනවා. මේ වෙද්දි මං පාසල වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරමින් ඉන්නවා. විෂයයක් විදිහට චිත්‍ර කලාව හදාරනවා. ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් තියන එක තමයි ලොකුම බලාපොරොත්තුව. මේ වෙද්දි ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. පැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන එක මගේ හීනයක්. මං කොහොමහරි ඒ ඉලක්කයටත් යනවා. සංගීතයත් ඊට සමගාමීව අරන් යන්න තමයි බලාපොරොත්තුව.

ඒ වගේම මම පෙරදිග පාසල් තූර්ය වාදක කණ්ඩායමේ ලීඩර් විදිහටත් කටයුතු කරනවා. මට හැම වාදන භාණ්ඩයක්ම වාදනය කරන්න පුළුවන්. ගායනය වගේම නොටේෂන් හදන්නෙත් මම. ගුරුවරුන්ගේ උපදෙස් ලබාගෙන මං බෑන්ඩ් එක හැන්ඩ්ල් කරනවා.

කලාප, පළාත්, සමස්ත ලංකා ලෙස පැවැත්වෙන සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය පසුගිය අගෝස්තු 22 වැනිදා පැවැත්වුණේ පළාත් තරග. මම බස්නාහිර පළාත් ජයග්‍රාහිකාව වුණා. සමස්ත ලංකා තරගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. පහුගිය අවුරුද්දෙත් සමස්ත ලංකා ජයග්‍රාහිකාව වුණේ මම. එකම තරගාවලිය වුණත් වසරින් වසර එහි අන්තර්ගතයේ වෙනස්කම් තියෙනවා.“

මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය සංගීත අංශයෙන් ජයග්‍රහණ රැසක් හිමිකරගෙන සිටින්නීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division