125 වසර සමරන Pepsi, ශ්‍රී ලංකාවේ වීථි සරසන නවතම පෙරළිකාර වැඩසටහනක් ලෙස Street Kala දියත් කරයි. ඒ සමඟින් Pepsi ලාංඡනයද ගෝලීය වශයෙන් මුල් වරට සිතුවම් කලාව හා නවමු මුහුණුවරකින් අලුත් කර තිබේ.
මෙම Pepsi – Street Kala වැඩසටහන මඟින් රට පුරා බිතු සිතුවම් 17ක් නිර්මාණය කරමින් මහජනයා සම්බන්ධ කර ගැනෙන වීථි සිතුවම් කලාවක අත්දැකීමක් මෙරට රසවතුන්ට තිළිණ කරයි. මේ පිළිබඳ PepsiCo සමාගමේ Area Countries- Region, අනුජ් ගෝයාල් මෙලෙස පැවසීය. ” මෙම වැඩසටහන මඟින් තාරුණ්‍යයේ සංස්කෘතිය නඟාසිටුවීමේ අපගේ කැපවීම, ශ්‍රී ලංකාවේ වීථි දක්වාම අප ව්‍යාප්ත කරනවා. Pepsi සන්නාමයේ අලුත් වූ ලාංඡනය නව පරිච්ඡේදයක් නියෝජනය කරනු ඇති. මේ තුළින් දෘෂ්‍ය කලාවේ නිම්වළලු පුළුල් කිරීමටත් අපට හැකියාව සැලසෙනවා, සන්නාමයේ වර්ණවලින් නෙළුම් කුලුන ආලෝකමත් කිරීමේ අවස්ථාව ඇතුළුව, දියත් කිරීමේ සමස්ත උලෙළම යෞවනයේ නිර්මාණශීලීත්වය සමඟින් එක්වන Pepsi සන්නාමය සැමරීමක්…”