Home » Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන සාර්ථකව නිමාවට

Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන සාර්ථකව නිමාවට

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

පිළිකා රෝගයෙන් පීඩාවට පත් වූ පවුල්වල සිසුන්ට ඇති වන මානසික පීඩා, නිවෙසේ වගකීම් වැඩි වීම මෙන්ම, මතුවන ආර්ථික ප්‍රශ්න නිසා අධ්‍යාපනය ගැටලුකාරී වී ඇති අවස්ථා බොහොමයකි.

ඒ අනුව සිසුන්ගේ අනාගතය තීරණය කරන, උසස් පෙළ විභාගය සඳහා ඔවුන් දිරිමත් කිරීම අරමුණු කර ගෙන Vernolac නිෂ්පාදනයෙන් ලැබෙන ලාභය යෙදවීමට Fadna ආයතනය තීන්දුකොට ඇත. ඒ අනුව, ‘Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහනේ’ පළමු අදියර පසුගියදා Fadna සමාගමේ ප්‍රධානත්වයෙන් හා මොරටුව නිව් horizon සිංහ සමාජයේ සහයෝගිතාවෙන් ගංගාරාම රජමහා විහාරයේදී, සර්ව ආගමික නායකයන් ඉදිරියේදී සිදු කෙරුණි. මෙහිදී Fadna කොළඹ විශ්ව විද්‍යාලය සමඟ එක්ව හඳුන්වා දුන් නවතම නිෂ්පාදන 4 අතරින් Vernolac නිෂ්පාදනයෙන් ලැබෙන ආදායමෙන් තම කොටස Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහනට වෙන් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division