පිළිකා රෝගයෙන් පීඩාවට පත් වූ පවුල්වල සිසුන්ට ඇති වන මානසික පීඩා, නිවෙසේ වගකීම් වැඩි වීම මෙන්ම, මතුවන ආර්ථික ප්‍රශ්න නිසා අධ්‍යාපනය ගැටලුකාරී වී ඇති අවස්ථා බොහොමයකි.
ඒ අනුව සිසුන්ගේ අනාගතය තීරණය කරන, උසස් පෙළ විභාගය සඳහා ඔවුන් දිරිමත් කිරීම අරමුණු කර ගෙන Vernolac නිෂ්පාදනයෙන් ලැබෙන ලාභය යෙදවීමට Fadna ආයතනය තීන්දුකොට ඇත. ඒ අනුව, ‘Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහනේ’ පළමු අදියර පසුගියදා Fadna සමාගමේ ප්‍රධානත්වයෙන් හා මොරටුව නිව් horizon සිංහ සමාජයේ සහයෝගිතාවෙන් ගංගාරාම රජමහා විහාරයේදී, සර්ව ආගමික නායකයන් ඉදිරියේදී සිදු කෙරුණි. මෙහිදී Fadna කොළඹ විශ්ව විද්‍යාලය සමඟ එක්ව හඳුන්වා දුන් නවතම නිෂ්පාදන 4 අතරින් Vernolac නිෂ්පාදනයෙන් ලැබෙන ආදායමෙන් තම කොටස Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහනට වෙන් කළේය.