Home » බඩ්රි Flagship Store නව ප්‍රදර්ශනාගාරය ගල්කිස්සේ

බඩ්රි Flagship Store නව ප්‍රදර්ශනාගාරය ගල්කිස්සේ

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

කිරුම් මිණුම් ක්ෂේත්‍රයේ වසර 65ක අත්දැකීම් ඇති බඩ්රි සමාගමේ Flagship Store නවතම ප්‍රදර්ශනාගාරය පසුගිය දා අංක 256 A, ගාලු පාර, ගල්කිස්ස ලිපිනයේ විවෘත විය.

බඩ්රි නිර්මාතෘ, දිවංගත අබ්දුල් අසීස් මහතාගේ බිරිය ෂරෆුල් සරීනා මහත්මිය අතින් මෙම ප්‍රදර්ශනාගරය විවෘත විය.

Trade, Non Trade Commercial සහ Industrial යන සෑම ක්ෂේත්‍රයකටම අදාළ, වර්ගීකරණ 100කට ආසන්න ඉලෙක්ට්‍රොනික් තරාදී පරාසයක් තිබීම මෙම ප්‍රදර්ශනාගාරයේ විශේෂත්වයයි.

බඩ්රි සභාපති ෆසීල් අසීස් මහතා ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ පැරැණිම තරාදී නිෂ්පාදන කර්මාන්තශාලාව වන බඩ්රි,100%ක් දේශිය කර්මාන්ත ශාලාවක්. මෙම Flagship Store ප්‍රදර්ශනාගාරය ගෘහණියන්ගේ සිට දැවැන්ත කර්මාන්ත ශාලා දක්වා ඕනෑම කෙනෙකුගේ අවශ්‍යතාවට සරිල නිෂ්පාදන පරාසයක් විහිදෙනවා. නවතම ඉලෙක්ට්‍රොනික් තරාදි, මිල ගණනය කිරීමේ සහ ලේබල් මුද්‍රණය කිරීමේ තරාදි, බිල් මුද්‍රණය කිරීමේ තරාදි මෙන්ම කර්මාන්ත ශාලා සහ තොග ගබඩාවලට අත්‍යවශ්‍ය තරාදි වර්ග රැසක් දේශීයව අප නිෂ්පාදනය කර තිබෙනවා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division