Home » ලෝක ළමා දින උපන් දරුවන්ගේ මවුපියන්ට SLIC ජීවිත රක්ෂණයක්

ලෝක ළමා දින උපන් දරුවන්ගේ මවුපියන්ට SLIC ජීවිත රක්ෂණයක්

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, ඔක්තෝම්බර් 01 වැනි දින උපත ලැබූ දරුවන්ගේ මවුපියන්ට රු. මිලියනයක් වටිනා ජීවිත රක්ෂණ ආවරණයක් නොමිලේ පිරිනමමින් තවත් සමාජ සත්කාරක වැඩසටහනකට මුලපිරීය. මෙම වැඩසටහන දිවයින පුරා විහිදුණු රෝහල් ආවරණය කරමින් එදිනම ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම විශේෂ ප්‍රජා සත්කාරක වැඩසටහන 2022 වර්ෂයේ ආරම්භ කරනු ලැබු අතර මෙහි මුලික අරමුණ වුයේ රක්ෂණයක් තුළින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි. මෙම වැඩසටහන හේතුවෙන් සමාජයට ඇතිවන අභිවෘද්ධිය අවබෝධ කරගත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) 2024 වසරේදී අඛණ්ඩව තුන්වැනි වරටත් එය ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම ව්‍යාපාර ක්‍රියාත්මක වන වපසරියේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් නිරතුරුව ක්‍රියාත්මක වන ආයතනයකි. මේ තුළින් රටේ සමාජ ආර්ථික තිරසරභාවය සඳහා දායක වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් කටයුතු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division