Mahindra Finance අනුබද්ධිත Mahindra Ideal Finance Limited (MIFL)හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් කළ බව එම සමාගම නිවේදනය කරයි. ඔහුගේ නව භූමිකාව තුළ විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) සහ ග්‍රාමීය ජනතාව සඳහා MIFL හි ඩිජිටල් ණය දීමේ හැකියාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.
මේ පිළිබඳ Mahindra Finance, MD/CEO Raul Rebello පැවසුවේ ”මුෆාඩල්, මහින්ද්‍රා සමූහයේ සහ Mahindra Finance හි විවිධ නායකත්ව තනතුරු දරා තිබෙනවා. ඔහු සතු අත්දැකීම් MIFL හට විශාල සාර්ථකත්වයක් අත්කර ගැනීමට උපකාරී වනු ඇත…” යනුවෙනි.