අංක විද්‍යා ජ්‍යොතිෂයට අනුව ඔබේ සෞඛ්‍ය ගැන දැන ගන්න
සමේ රෝග සහ හන්දිපත් අමාරු ඔබට පහසුවෙන් වැළඳිය හැකියි
අංක විද්‍යා ජ්‍යෝතිෂයට අනුව ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හඳුනාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වන අතර පහුගිය කලාපවලින් ජන්ම අංක 1 සිට 6 දක්වා අයට අදාල පලාපල විස්තර සඳහන් කරන ලදි.
මෙහිදී ඔබ කුමන අවුරුද්දක කුමන මාසයක ඉපදුණත් ඔබගේ උපන් දිනය පමණක් සැලකිල්ලට ගනු ලබයි. මෙම ලිපියෙන් ඕනෙම මාසයක 7, 16, 25, යන දිනවල උපන් අයගේ සෞඛ්‍ය තත්ත්වය සහ වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. මේ තුළින් ඔබට වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව කල් තියා හඳුනා ගැනීමට හැකියාව ලැබෙන අතර එමඟින් එම අවදානම් තත්ත්වයන්ට කලින් සූදානම් වීමටත් එම රෝගාබාධයන්ගෙන් වැළකී සිටීමටත් නීරෝගි ප්‍රීතිමත් සතුටුදායක ජීවිතයක් උරුම කර ගැනීමටත් හැකියාව ලැබෙන බව සඳහන් කරනු කැමැත්තෙමි.
ඔබ ඉපදුණේ ඕනම මාසයක හත, දාසය, විසිපහ යන දිනයක නම් විශේෂයෙන් ඔබ ඔබගේ සිත සහ සිතිවිලි පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. වුවමනාවට වඩා අධිසංවේදී භාවය ඔබ දුර්වල කිරීමට හේතුවන බව මතක තබාගන්න. යම් යම් දේවල් පිළිබඳ බොහෝ බලාපොරොත්තු ඇති කර ගැනීමත් කුඩා දේවල් පිළිබඳව ලොකුවට සිතීමත් නිසා මානසිකව යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. එමෙන්ම ඔබ සෑම විටම ධනාත්මක සුබවාදී සිතිවිලි එක්ක ජීවත්වීමට හුරු විය යුතුය. අසුභවාදී සෘණාත්මක සිතුවිලි මඟ හරවා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. ඔබට දෛවය විසින් ලබාදී ඇති ශක්තිමත්ම අවිය වන්නේ ඔබගේ බලවත් මනසයි. එය නිසි විදිහට මෙහෙයවීම තුළ සාර්ථකත්වය කරා පහසුවෙන් ළඟාවීමේ හැකියාව ඔබට පවතී. සහජයෙන් උරුම කරගත් හැකියා දක්ෂතාවන් බොහෝමයක් ඔබ තුළ සැඟව පවතී. ශාරීරික හැකියාවන්ට වඩා මානසික හැකියාවන්ගෙන් යුක්ත ඔබට ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය පවතී. නමුත් ඉතා ඉක්මනින් සිත් තැවුලට පත්වෙන ගතියක් ඔබ තුළ පවතී. විශේෂයෙන් ස්නායු පද්ධතිය ආශ්රිත රෝග තත්ත්වයන්ට පහසුවෙන් ලක් වීමේ අවදානමක් පවතී. පෙනීමේ දුර්වලතා සහ ඇසීමේ දුර්ලතා පහසුවෙන් ඇති කළ හැකිය. ඒ සම්බන්ධව ඔබ අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වෙයි . සමේ රෝග හන්දිපත් අමාරු පාදවල ආබාධ සහ පිටකොන්දේ ආබාධ පහසුවෙන් ඇති වීමේ හැකියාවක් ද පවතී.
ඔබ තම කායික මානසික සෞඛ්‍ය පිළිබඳව නිරන්තර අවධානයක් තබා ගැනීම තුළ මේ තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාව තිබේ. විශේෂයෙන් මානසික සුවය ඇති කරන දේවල් හා සම්බන්ධව කටයුතු කළ යුතුය. ආගමික වතාවත්වල නිරතවීම, ස්වාභාවික සුන්දර පරිසර පද්ධතිවල සුන්දරත්වය නැරඹීම. යෝගී භාවනා ක්‍රමවලට හුරුවීම.ආදිය මඟින් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට හැකියාව පවතී.
එළවළු පලතුරු වර්ග වැඩිපුර ආහාරයට එකතු කර ගැනීමද වැදගත්වෙයි. කෘත්‍රිම රසකාරක යෙදූ ආහාරවලින් හැකි තරම් ඉවත් වන්න. ජනවාරි, පෙබරවාරි, ජූලි හා අගෝස්තු මාස වලදී ඔබ ඔබගේ සෞඛ්‍ය සම්බන්ධව වඩාත් අවධානයක් තබා ගැනීම වැදගත්වෙයි. එම කාලවලදී සෞඛ්‍ය තත්ත්වය පිරිහීමේ හැකියාවක් පවතින බැවිනි. එමෙන්ම ඔබට වයස අවුරුදු හත, දාසය, විසිපහ, තිස් හතර, හතළිස් තුන, පනස් දෙක, හා හැට එක යන වයස්වලදී සෞඛ්‍ය සම්බන්ධව වෙනස්කම් යෙදිය හැකි කාලසීමාවන් නිසා එම කාලවලදී වඩාත් ප්‍රවේසම් වීමද වැදගත්වෙයි. කෙසේ වෙතත් හැකි සෑම විටම නිවැරදි සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරුවීම තුළ සතුටුදායක ජීවිතයක් ගත කිරීමට උනන්දුවීම වැදගත් වෙයි.
ජන්ම අංක අටෙන් උපන් ඔබගේ සෞඛ්‍ය සම්බන්ධ පලාපල ලබන කලාපයෙන්
බලාපොරොත්තු වන්න.