Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

අඳුරු අහසේ රිදී පැහැ­යක්…

නැගී වියැකී යයි වරින් වර..
ගැබිනි මවුවරු දහස් ගණ­නක්..
ලෙස වලා­කුළු නඟ යි ඔල්වර..
සීත පිනි පොද මුසුව සුළ­ඟක්..
හමා­යයි නොතිබූ ලෙසින් පෙර..
ගිමන නිවනා සොඳුරු සුව­යක්..
පිරි­මදී හැඟු­මන් විඩා­බර..
සවන් සන­සන මියුරු ගීයක්…
ලෙසින් වසිනා වැසි දයා­බර..
සොබා දහ­මත් සොඳුරු දහ­මක්..
දකි­න්නට හැකි නම් දෙනෙත් ඇර…

ක්ලැරීන් සේවි­යර්


සුදො­වුන් වලප

රනේ රුවට මා පුතු සුළු මවු ඇකයේ
රනේ රුවට පෑ හුර­තල් මතක තියේ
රනේ රුවසේ ගත බබළා වැඩුණ වියේ
රණේ සිප් සරඹ පෑවයි එක සරියේ…
රනේ රුව දිලුන සොළො සැවි­රිදි වයසේ
රනේ රුවැති බිම්බා සුරත ගෙන තොසේ
රනේ රස සේම සැප වැළ­ඳුව රිසිසේ
අනේ එපාවී ගියෙ කිම දනිමි කෙසේ….
රනේ සිරුර බබ­ළ­නවා බැරිය දුකේ
පිනේ මහි­මදෝ මට දුක දැරිය හැකේ
බණේ මසිත සැන­සෙ­නවා නැතිය සැකේ
අනේ මෙහෙම බස් මා යුග සවන වැකේ
රන් මාලා රන් මිරි­වැඩි රන් කොඬොල
රන් පට රන් වළලු මාහැඟි මිණි කිරුළ
රන් සළු සුසැට බර­ණින් මට කිමද පල
රන් සිළු පහන් දල්වමි සිත් මැඳුරු තුළ….

සාලිය ගුණ­ව­ර්ධන, පුජා­පි­ටිය


බලා­පො­රො­ත්තුව

පොතක පිටු පෙර­ළද්දි
අත­ර­මඟ නෙත ගැටුණි
ඔබ තැබු පිටු සල­කු­ණක්….
ඉතුරු පිටු කිය­වන්න
ඔබ යළිත් නොඑන බව
පැව­සු­වත් උඩු සිත…..
යටි සිතට අව­න­තව
පිටු සල­කුණ ඉවත්
නොක­ළෙමි තවම මම….

මාලතී රූපිකා පුංචි­හේවා


අහං වන්දාමි තං ගරු !

කිරුළු හිස රන්දන්න…
වෙර දැරූ ඔබ…
වරක ගිනි පුපුර ලෙස….
විටෙක උණු­සුම රඳන…
අපේ පොඩි හීන­ව­ලට තව තවත් අප ළං කෙරුව…
ඔබට ලද ගුරු පඩිය…
ආයෙ අපි­ටම දුන්නු…
අපේ ගුරු මවු පිය­වරු …
මිහි­පිට දෙවි­ව­රුය…
වර­දෙදි අප තළා…
තර­වටු කලා…
ආද­රෙන් අප බලා…
සැම විටම ඔව­දන් දෙවා
යහ මගෙ රැඳෙව්වා…
වැටුණ විට දිරි­දෙ­මින්…ඔස­වන්න වෙර දරා
දිනන විට කඳු­ළැලි සලා…
වෙර ගන්න මංපෙත් තනා…
ඔවුන් සම­හ­රක්, ඉතින් අද මිහි­දන් වෙලා…
වඳි­න්නම් ඔබෙ දෙපා…
දුන්නු ගුරු­හ­රු­කම් නිසා…
සමා­ජෙන් බැට නොකන ,
අද අපි හොද මිනි­සුන් වෙලා….

දුලං­ජලී නිශ්ශංක, මාතර


සබැ­ඳි­යා­ණෙනි

රැක­ගන්න පින් බිම අපේ
සරු බිම අපේ
එපා දෙන්නට
දොළ පිදේනි
ගිල දම­න්නට වෙර දරන
මාර සේනා රැළ
මාන බල­මින් සිටින
හද­ව­තින් නොව
බුද්ධි­යෙන්
ළඟා කර­ගන්න
උතුර දකුණ යා කරන
සුතුර
දැඩි ලෙස

කලා­භූ­ෂණ විජේ­රත්න,
දාහි­ග­මුව


විශ්ව­යම ආද­රෙන් වැලඳ ගන්නට හිතෙයි

තලා දැමු ළපළු තුරු වදුළු අතු ඉති දමා
අහස් කුස සිසාරා නැඟී දස දෙස අරා
උපන් බිම පුද­න්නට සුවඳ මල් පීදිලා
ඉතින් කොවු­ලනි ගයව් ප්‍රේමයේ ගීතිකා
අර පේන වළා පෙළ කලට වැසි ගෙන ඒවි
ටිකින් ටික නියං සාගත දුරින් දුරු වේවි
හැමට ලස්සන රටක් ඉති­න්නම් බිහි වේවි
මේ මහා රුක රැකුම හැමගෙ යුතු­කම වේවි
ගලන ගංගා තවත් සරැලි නංවා ගලයි
හමන නළ වෙන­දාට වැඩිය සිහි­ලස ගෙනෙයි
ඉර හඳට තරු වලට පවා සොම්නස දැනෙයි
විශ්ව­යම ආද­රෙන් වැලඳ ගන්නට හිතෙයි

රුවන් ඩී අළු­බෝ­මු­ල්ලගේ


රෝස පැහැ නෙලුම් මල

මහ රැයක නිදි­වරා
මා සොයන බව දනිමි
වෙනස් කර ප්‍රයි­ව­සිය
සැඟෙ­වන බවද දන්නෙමි.
රැයේ තටු හඬ­වන
ළපටි තණ­කොළ පෙත්තෙක්
මතක් කර­ල­න්නෙමෙ ඔබේ
ළා කොළ පැහැ ඔස­රිය..
ඔබ නොකී කතා­වක්
ඇත ලියූ වචන තුළ
කොහිද තිබු තෙත­ම­නය
දිගැටි ඇස් කෙවිනි තුළ ?
ලියූ කවි පේළිවල
සෙව­ණැල්ලේ සැඟව ගිය
මහ­ග­මගෙ ඡායාව
දුටිමි මම වරින් වර …
අතී­තය එක් දිනෙක
ලෙස උදෑ­සන හෙටක
අපෙ සුසුම් එක් වෙයිද
යළි එකම අහ­ස­කට
පෙනී නොපෙනී ගියද
කාල­යෙහි වරින් වර
සිහි­න­යක මම දකිමි
රෝස පැහැ නෙලුම් මල …

ජගත් ප්‍රසන්න කුරු­ගම


හිස් තැන ජය­ ග­තිමි

මුහුද තර­ම­ටත් වඩා
කඳුළු වගු­රන්න ඇති
මහ මෙර­ටත් වඩා
දුක් උහු­ලන්න ඇති
ඇවිද යන මේ සංසාර ගමනේ
දකිමි හැම තැනම
හිස් තැනක් හැම­දා­ම‍
­හි­තට නැහැ සුව­යක්
බෝධි පා මුල සුදු­වැල්ලෙ
දහ­සක් දෙනා අත­රම
දුක නිවා ගන්න­ට‍
­බ­වුන් වඩ­න්නට
එක් වුණෙමි මම
සසර කෙටි කර ගනු පිණි­සම
මලක්වී පර­වු­ණත් කම් නැහැ
බුදු හිමිට පූජා වෙලා
ජීවි­තයෙ හිස්තැන සපි­රේවි
එවිට

කමලා ධර්ම­ලතා ජය­සූ­රිය,
පර­ග­ස්තොට


කාලය

පඨවි ආපො තේජො වායො
ධාතු සතර වේග­වත්ව
මවගේ කුස තුළට පිවිස
කල­ලය දරු­වකු රුව ගති
බිහිව ළදරු තරුණ මහලු
දිවි ගෙව­මින් මැරුණ පසුව
ධාතු සත­ර­කින් නැව­තත්
මවුකුස කල­ල­යක් තනයි
විඤ්ඤා­ණය බැස­ගත් පසු
කර්මය අනු­වම චුති සිත
ප්‍රති­ස­න්ධිය සිතක් විලස
සස­රට භව­යක් ඇති විය
ඉපිද මැරෙන මේ සිද්ධිය
නොපෙ­නෙයි නොගැ­ටෙයි කිසි දින
එකම තැනක නොප­ව­තිනා
වේගය පම­ණයි ඇත්තේ
විශ්වයෙ ඇති සියලු රූප
නොනැ­ව­තීම ඇදී ගොසින්
රූප කලා­ප­යක් විලස
දිවි­හැක විද­සුන් නුව­ණින්

මුණ­සිංහ නිශ්ශංක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division