Home » රුසියාවේ OTDYKH Leisure සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ ගමනාන්ත පිළිබඳ අවධානය

රුසියාවේ OTDYKH Leisure සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ ගමනාන්ත පිළිබඳ අවධානය

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment
ඉනෝකා පෙරේරා බණ්ඩාර

වසර 30ක් තිස්සේ පැවත එන සම්ප්‍රදායක් බඳු රුසියාවේ OTDYKH Leisure සංචාරක ප්‍රදර්ශනය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූ අතර, ශ්‍රී ලංකාව ද ඊට සහභාගි වූයේ මෙරටට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට එයින් සැලකිය යුතු උත්තේජනයක් සපයන හෙයිනි.

රුසියාවේ සරත් – ශීත සෘතුවේ සංචාරක සමය ආරම්භ වීමට පෙර මෙවැනි විශාල ආකාරයේ උත්කර්ෂවත් අන්දමින් පැවැති එකම ව්‍යාපාරික සිදුවීම ලෙස ද මෙම ප්‍රදර්ශනය හැඳින්විය හැකි අතර, මෙමඟින් රුසියාවේ සහ විදේශයන්හි සංචාරය සඳහා වසර පුරා පවතින ඉල්ලුම ඉහළ නැංවීමට සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන වෘත්තීය ප්‍රජාවට උපකාර කරයි.

ඒ අරමුණු ඇතිව පවත්වන ලද OTDYKH Leisure – 2024 ප්‍රදර්ශනයේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර සංසදය සහ ප්‍රදර්ශනය මෙවර පැවැත්වූයේ සැප්තැම්බර් 19 වැනි දින, එපෝසෙන්ටර් Fairgrounds හි දීය. මෙම වසරේ උත්සවය ඉතා සාර්ථකව නිම වූ අතර රුසියානු කලාපවල නිල නියෝජිතයන්, විදේශ රටවල නියෝජිතයන්, ප්‍රමුඛ සංචාරක ක්‍රියාකරුවන් සහ සංචාරක ආයතන, හෝටල් සහ නවාතැන් පහසුකම්, මාර්ගගත වෙන්කරවා ගැනීමේ ආයතන, MICE ඇතුළු කර්මාන්ත වෘත්තිකයන්, සංචාරක කර්මාන්තයේ සහ අදාළ ක්ෂේත්‍රවල නියෝජිතයින් ඇතුළු 9,000කට අධික පිරිසක් එක්රැස් වීම ද විශේෂත්වයකි.

විශේෂයෙන් රුසියාව සහ යුක්රේනය අතර පවතින හමුදා නොසන්සුන්තාව හේතුවෙන් ඇති වූ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම කැපී පෙනෙන සිදුවීම් දෙරට අතර ව්‍යාපාරික සහ සංචාරක සබඳතා ශක්තිමත් කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ඵලදායී ක්‍රමයක් ලෙස ක්‍රියා කරයි.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ද, රුසියානු අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මේ ප්‍රදර්ශනය සඳහා සහභාගි විය. මෙම මුලපිරීම ශ්‍රී ලංකාව සඳහා මෙම වෙළෙඳපොළේ වැදගත්කම ඉස්මතු කරන අතර ගමනාන්තය පිළිබඳ සංචාරකයන්ගේ දැනුම්වත්භාවය වැඩි දියුණු කිරීම අරමුණු කරයි.

එසේම සංචාරක කර්මාන්තය පිළිබඳ ශක්තිමත් පැවැත්මක් ඇති කිරීම සහ විශ්වසනීයත්වය තහවුරු කිරීමෙන් සංචාරක සිත් තුළ ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයක තබා ගැනීමට හැකිවන අතර, එය අඛණ්ඩ ව ප්‍රවර්ධනයක් වනු ඇත. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අනුව, සැප්තැම්බර් 17 වැනි දින මෙය නිල වශයෙන් මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති එච්.ඊ. පකීර් අම්සා විසින් විවෘත කරන ලද අතර, අනෙකුත් නියෝජිතයන් ලෙස මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් වන රුවිනි මුනිදාස, චමිල ජයරත්න සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් (SLTPB) සසිකා ජයවීර යන නිලධාරීන් සහභාගි වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division