817
මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර 690ක් අනුමත වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම 11 වැනිදා මධ්‍යහ්න 12.00 ට අවසන් වූ අතර, පස්වරු 12.00 සිට 1.30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලබා දී තිබිණි. ඒ අනුව නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති අතර, යම් අසාධාරණයක් සිදුවී ඇතැයි හැඟෙන්නේ නම් එම කණ්ඩායම්වලට අධිකරණයට යා හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්