ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ දිරිය අරුණ අනුකමිටුව මගින් සිදු කරන දිරිය අරුණ සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ බප/ මතු / පැලැන්ද මහ විද්‍යාලය සඳහා සංගීත කාමරය සහ විද්‍යාගාරය ප්රතිසංස්කරණයෙන් පසු මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ විද්‍යාගාරය සහ සංගීත කාමරය ලෙස නම් කර සිසු අයිතියට පත් කිරීම 19 වැනිදා සිදු කෙරේ.
එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මනෝරි ගමගේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ආචාර්ය චන්දන හේවගේ ඇතුළු ආචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ ශිෂ්‍ය සංගමයේ මෙහෙය වීමෙන් මෙවර අදියර සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ වෛද්‍ය පීඨයේ 32 වන කණ්ඩායමේ සහ දන්ත වෛද්‍ය පීඨයේ දෙවන කණ්ඩායමේ සිසුන්ය.