යක්කල, සියනෑ උයන, අංක 13/ඒ3/2, ලිපිනයේ පදිංචි නිමලසිරි වනසිංහ මහතාට කඩිනමින් බී පොසිටිව් (B+) වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුය. එම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි අයකු වෙතොත් 0773420489 අංකය අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.
අක්මා රෝගයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අනුරාධපුර ආර්. එම්. අනුර රත්නායක (63) මහතාට ඉක්මනින් අක්මා කොටසක් බද්ධ කළ යුතුය. ඔහුගේ දියණිය අක්මා කොටස පරිත්‍යාග කරන අතර එතෙරදී කළ යුතු ශල්‍යකර්මය සඳහා පරිත්‍යාග බලාපොරොත්තු වෙයි. පරිත්‍යාගශීලීන්ට අනුරාධපුර මහජන බැංකුවේ 008-2-002-3-0027968 ගිණුමට මුදල් බැර කළ හැකිය. වැඩි විස්තර දුරකතන අංක 071 9684909 ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.