මේ වසර අවසානයේදී පුරෝකථනය කළ ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි අගයකින් ශ්රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වී ඇතැයි ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්රී ලංකාව සඳහා කලාපීය අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.
මේ වසර ආරම්භයේදී සිදු කළ පුරෝකථනයට අනුව එය 4.4%ට වඩා වැඩි ආර්ථික වේගයක් සිදු වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේ Sri Lanka Development Update හා Opening up to the Future වාර්තා ඇසුරු කරගනිමිනි.
අපනයනය ඉහළ නැංවීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඇතුළු අභියෝග 6කට සාර්ථකව විසඳුම් සොයා ගැනීමට සහ ප්රතිසංස්කරණය වේගවත් කිරීමට ශ්රී ලංකාවට හැකි නම් වසරකට නව රැකියා ලක්ෂ එකහමාරකට ආසන්න (142,500) එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක අපනයන ආදායමක් ළඟා කර ගැනීමට අවස්ථාව තිබෙන බවද මෙහිදී පෙන්වා දී ඇත.