Home » දියණිය වරදට පෙලඹූ අක්කාගේ පුතාට පියා දුන් දඬුවම

දියණිය වරදට පෙලඹූ අක්කාගේ පුතාට පියා දුන් දඬුවම

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment
චමින්ද ජයලත් - කෑගල්ල විශේෂ

හදාවඩා ලොකු මහත්කර ගත් දරුවෙක්ට නොසිතූ නොපැතූ මොහොතක යම් ඛේදජනක ඉරණමකට මුහුණ දීමට සිදු වුවහොත් එම මවුපියන් මුළු ජීවිත කාලයම තම දරුවාට සිදු වූ දේ ගැන කල්පනා කර ළතවන්නේය. සමහර අවස්ථාවලදී නොකිව්වාට මවට වඩා පියා තදින්ම ඒ ගැන සිතා හදවතේ සඟවාගෙන දුක් සුසුම් හෙළන්නේය.

තම 16 හැවිරිදි දියණිය බස්රථවලින් පාසල් යන එන අතරවාරයේදී අසල්වැසි විවාහක පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙක් අසම්මත සම්බන්ධතාවක් ඇය සමඟ ඇති කරගෙන ඇය රවටාගෙන අවස්ථා ගණනාවකදී දූෂණයට ලක්කර ඇගේ මුළු ජීවිත කාලයම විනාශ කර තිබුණොත් ඇගේ පියාට ඒ මොහොතේ ඇතිවන වේදනාව ඉමහත්ය.

එවැනි සිදුවීමක් ඉකුත්දා කෑගල්ල පොලිස් වසමේ මොළගොඩ, පල්පාත, උඩදෙනිය ප්‍රදේශයෙන් වාර්තා විය.

උඩදෙනිය ප්‍රදේශයේ 50 හැවිරිදි වෘත්තියෙන් වඩු කර්මාන්තයේ නියැළී සිටින පියෙක් පදිංචිව සිටී. ඔහුගේ බිරිය ඇඟලුම් සේවිකාවකි. මෙම යුවළට ගැහැනු දරුවන් දෙදෙනෙක් සහ පිරිමි දරුවෙක් සිටී. වැඩිමල් දියණිය විවාහ වී සැමියාගේ නිවසේ පදිංචිව සිටියි. 16 හැවිරිදි දෙවැනි දියණිය සහ 14 හැවිරිදිය. බාල පිරිමි දරුවා නිවෙසින් කිලෝමීටර් දෙකක් පමණ ඈතින් පිහිටි පාසලක අධ්‍යාපනය ලබන්නේය.

සෑම දිනකම මවුපියන් පෙරවරුවේ රැකීරක්ෂාවලටත් දරු දෙදෙනා පාසලටත් යති. දරු දෙදෙනා පාසල් යන්නේ එන්නේ කෑගල්ල මාවනැල්ල මාර්ගයේ ධාවනය වන බස්රථවලිනි.

මීට මාස තුනකට පමණ ඉහතදී 16 හැවිරිදි ශිෂ්‍යාව පාසල් යන එන අතරවාරයේදී නිවස ආසන්නයේ පදිංචිව සිටින කෑගල්ල මාවනැල්ල මාර්ගයේ ධාවනය කරන පෞද්ගලික බස්රථයක දෙදරු පියෙක් ඇසුරු කළාය. මෙම ඇසුර කවුරුත් දැන සිටියේ නැත.

දිනක් කොන්දොස්තර පාසල් ශිෂ්‍යාවගේ නිවසට ගියේය. ඒ අවස්ථාවේදී පාසල් ශිෂ්‍යාවගේ මවුපියන් රැකී රක්ෂා සඳහාත් බාල සහෝදරයා පාසල් ද ගොස් තිබුණි. නිවස ආසන්නයේ තනිවම වයෝවෘද්ධ කාන්තාවක් පදිංචිව සිටින අතර කොන්දොස්තර ලුණු දෙහි පැකට්ටුවක් රැගෙන එන ලෙස දන්වා රුපියල් 100ක් දී වයෝවෘද්ධ කාන්තාව වෙළෙඳසලට පිටත්කර හැරියේය. පසුව කොන්දොස්තර 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාව වයෝවෘද්ධ කාන්තාවගේ නිවසට ගෙන්වාගෙන සිටින අවස්ථාවේදී වයෝවෘද්ධ කාන්තාව ලුණු දෙහි පැකට්ටුවක් ගෙන නිවසට පැමිණි අවස්ථාවේදී පාසල් ශිෂ්‍යාව සහ කොන්දොස්තරවරයා සිටි අයුරු දැක පුදුමයට පත් වූවාය. පසුව පාසල් ශිෂ්‍යාව හා කොන්දොස්තරවරයා නිවසින් පිටවී ගියහ. පාසල් ශිෂ්‍යාවගේ මව වැඩ ඇරී නිවසට පැමිණ සිටි අවස්ථාවේදී වයෝවෘද්ධ කාන්තාව ඇගේ නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැවසුවාය. මව පසුව දියණියගෙන් ඒ බව විමසුවාය. ඇය චෝදනාව ප්‍රතික්ෂේප කළාය.

පසුව මව කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව දැරිය පොලිස් භාරයට ගෙන කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන ලදි. දැරිය පරීක්ෂා කර බැලූ අධිකරණ වෛද්‍යවරයා පාසල් ශිෂ්‍යාව අතවරයට ලක්ව ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබුණි.

පසුව සැකකාර බස් කොන්දොස්තර ද අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුනආරච්චිගේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සති කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුව පාසල් ශිෂ්‍යාවගේ පියා දැඩි කම්පාවට පත් විය. ඔහු ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කවරෙක් ද යන්න නිතර සිතන්නට විය.

තමාගේ අක්කාගේ පුතා වන 37 හැවිරිදි පුද්ගලයා තම දියණිය කොන්දොස්තර සමඟ සම්බන්ධතාවක් ඇති කිරීමට මුල් වී ඇති බව සිසුවියගේ පියා දැන ගත්තේය. ඒත් ඔහු ඒ සම්බන්ධයෙන් අක්කාගේ පුතාගෙන් විමසා සිටියේ නැත. කවදාහරි දවසක් තමාට ඒ සම්බන්ධයෙන් ඇසීමට ඒවියැයි සිතමින් තිදරු පියා නිහඬ විය.

ඉකුත් 20 වැනිදා රාත්‍රි අක්කාගේ පුතා වන 37 හැවිරිදි දෙදරු පියා මත්පැන් පානය කර අසල්වැසි නිවසක පැවැත්වීමට නියමිතව තිබුණු පින්කම වෙනුවෙන් පිරිත් මණ්ඩපයක් සෑදීමට අත්උදවු දී රාත්‍රී 10ට පමණ ආපසු නිවසට යාමට ශිෂ්‍යාවගේ පියාගේ (මාමාගේ) නිවස ආසන්නයෙන් ගමන් කරද්දී මාමා මුණ ගැසුණි. මාස කිහිපයකට සිට සිත් වේදනාවෙන් සිටි සිසුවියගේ පියා බෑනා සමඟ බහින්බස් වීමක් ඇති කරගත්තේය. ඔහු නිවසට දිව ගොස් පිහියක් රැගෙන පැමිණ අක්කාගේ පුතාගේ පපුවට පහරක් එල්ල කෙළේය.

පසුව අසල්වැසියන් පැමිණ 37 හැවිරිදි පුද්ගලයා ත්‍රීරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන ලදි.

ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි. පසුව සැකකාර පියා අත්අඩංගුට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුනආරච්චිගේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා දෙදරු පියෙකි. ඔහු පින්නවල අලි අනාථාගාරයේ අලින්ට කොළ අතු කපා ගොස් දෙන කොන්ත්‍රාත්කරුවෙකු යටතේ ගස් නැඟ කොළ අතු කපන පුද්ගලයෙක් බවත් ඔහුගේ වැඩිමහල් දියණිය ඉකුත්දා පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියක් බවත් පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශගේ උපදෙස් මත පොලිස් අධිකාරි චන්දන කන්දේවත්තගේ අධීක්ෂණයෙන් කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගමගේ ගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර රණසිංහ, සැරයන් සම්පත් (64324), කොස්තාපල් කළුගල්ල (61999) යන නිලධාරින් විමර්ශන කටයුතු සිදු කරන ලදි. නඩු මෙහෙයුම් අංශයේ සැරයන් මනෝජ් චන්ද්‍රසේකර (9200) සැකකාර තිදරු පියා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කෑගල්ල වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් රංජිත් සේනා­ධීර ඝාත­නය සිදුව ඇතැයි කියන ස්ථානයේ මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය සිදු කරන අයුරු

කෑගල්ල වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් රංජිත් සේනා­ධීර ඝාත­නය සිදුව ඇතැයි කියන ස්ථානයේ මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය සිදු කරන අයුරු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division