Home » CNCI විශිෂ්ටතම කර්මාන්තකරුවා සම්මාන උලෙළ – 2024

CNCI විශිෂ්ටතම කර්මාන්තකරුවා සම්මාන උලෙළ – 2024

by gayan
October 19, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් වාර්ෂිකව පවත්වනු ලබන “CNCI Achiever Awards for Industrial Excellence” අඛණ්ඩව 23 වැනි වරටත් 2024 ඔක්තෝබර් 15 වන දින කොළඹ Cinnamon Grand හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ තුර්කි ජනරජයේ තානාපති Semih Lutfu Turgut, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් M. M. Nayeemudeen විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි විය.

කර්මාන්තකරුවන්, රාජ්‍ය නිලධාරීන්, විදේශ තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, කාර්මික අංශයේ නියෝජිතයන් සහ සම්මානලාභීන් ඇතුළු 500කට අධික පිරිසක් ඊට සහභාගී විය.

උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකේය කර්මාන්ත දියුණු කිරීම සඳහා CNCI ආයතනය විසින් සිදු කරන අමිල සේවාව අගය කළ යුතු බවයි. ඇය ජාතික අංශයේ විවිධ කාණ්ඩ යටතේ රන් සම්මාන පිදුම් ලැබූවන් වෙත සම්මාන ප්‍රදානය කළාය. ජායාරූපයෙන් දැක්වෙන්නේ Textrip (Pvt) Ltd සමාගම සිය රන් සම්මානය ලබා ගන්නා ආකාරයයි. මෙම සම්මාන උලෙළේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍ර­ාහාකයා වූයේ ලේක්හවුස් ආයතනය යි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division