ශ්‍රී ලංකාවේ නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වූ Centrum Marine Consultancy සමාගම, ලෝකයේ ප්‍රකට නාවික සේවා සපයන්නකු වන Döhle සමූහයේ සාමාජික Döhle (IOM) Limited සමඟ ශ්‍රී ලංකාවේ නාවික මානව සංවර්ධන ක්ෂේත්රය ගොඩනැංවීම වෙනුවෙන් අත්වැල් බැඳගත්තේය. මෙම සහයෝගීතාව තුළින් Doehle Marine Lanka Pvt Ltd නිර්මාණය විය.
මෙම නව ඒකාබද්ධතාවයේ අරමුණ වන්නේ ඉංජිනේරු, නැව් තට්ටු සහ විදුලි යන ක්ෂේත්රයන්ගෙන් කැඩෙට් නිලධාරීන් ලෙස පුහුණුව සහ අධ්‍යාපනය ලබා දී ශ්‍රී ලාංකික වෙළෙඳ නාවිකයන් නාවික කළමනාකරණ ක්ෂේත්රයේ ඉහළට යාමට සුදානම් කිරීමයි. මෙම ආයෝජන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලාංකාවේ නාවිකයන් 500කට පමණ රැකියා අවස්ථා නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ.