375
මංගල විජේසිංහ මහතා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB)16 වැනි සභාපතිවරයා ලෙස ඔක්තෝබර් 16 වැනි දින අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩ භාර ගත්තේය. ඔහු බ්රවුන්ස් සහ සමාගම සමඟ එක්ව ඇත්තේ මීට වසර 16කට පෙරය.
වැඩ භාරගැනීමෙන් අනතුරුව නව සභාපතිවරයා අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය අමතමින් පැවසුවේ, “නව රජයේ සැලැස්ම 2030 වන විට ඩොලර් බිලියන 5ක සේවා අපනයන ආදායමක් ලබා ගැනීමයි. ඒ වගේම එම ඉලක්කයට ළඟා වීම අපේ අරමුණයි…” යනුවෙනි.