HNB FINANCE PLC සිය නවතම රන් ණය මධ්‍යස්ථානය පසුගියදා නොම්මර 59, රත්නවීර ගොඩනැඟිල්ල, ප්‍රධාන වීදිය, ඇඹිලිපිටිය යන ලිපිනයේ පිහිටා ඇති HNB FINANCE ඇඹිලිපිටිය ශාඛා පරිශ්‍රයේදී විවෘත වූ අතර, රන් ණය සේවාවට අමතරව ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ව්‍යාපාරික ණය, නිවාස ණය ඇතුළු තවත් මූල්‍ය පහසුකම් රැසක් ද එම ශාඛාව තුළින් ලබා ගත හැකි වනු ඇත.
රන් ණය සඳහා ඇඹිලිපිටිය සහ ඒ අවට විශාල ඉල්ලුමක් පවතින බැවින් HNB FINANCE විසින් පුද්ගල අවශ්‍යතා අනුව වෙනස් වන රන් ණය සේවාවන් කිහිපයක් හඳුන්වා දී තිබේ. මේ අතුරින් Gold Loan, රන් භාණ්ඩ මිලදී ගැනීමේ ආයෝජන සැලසුම වන Gold Plan සහ VIP Gold Loan යන රන් ණය සේවා විශේෂයෙන් හඳුන්වා දිය හැකිය.