Home » Zellers ප්‍රිමියම් චොක්ලට් නැවතත් වෙළෙඳපොළේ

Zellers ප්‍රිමියම් චොක්ලට් නැවතත් වෙළෙඳපොළේ

by gayan
October 19, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රිමියම් චොක්ලට් වෙළඳපොළේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් Zellers චොක්ලට් නැවතත් වෙළෙඳපොළට පැමිණ තිබේ. Zellers චොක්ලට් යනු දශක ගණනාවක ඉතිහාසයක් සහිත සුවිශේෂී චොක්ලට් සන්නාමයකි.

1964 වර්ෂයේදී ආරම්භ වූ Zellers ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශීය චොක්ලට් නිෂ්පාදන සමාගම ලෙස සැලකේ.

මැලිබන් සමාගමේ ආරම්භක සභාපති ඒ. ජී. හින්නි අප්පුහාමි මහතා එහි නිර්මාතෘවරයා විය. ‘Bean-to-bar’ සංකල්පය අනුව නිෂ්පාදනය කරන ලද Zellers චොක්ලට් මෙරට රසය නැවතත් ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කරවීම Zellers හි අරමුණයි. Zellers පුනරාගමනය සම්බන්ධයෙන් මැලිබන් සමූහයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මෙසේ අදහස් පළ කළාය. “ඝානාවේ ප්‍රිමියම් කොකෝවා යොදා ගනිමින් ජාත්‍යන්තර තලයේ චොක්ලට් එකතුවක් ලෙස Zellers නැවත වරක් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට හැකි වීම මහත් සතුටක්…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division