ප්‍රමුඛතම හෝටල් පහසුකම් සපයන ප්රමුඛ පෙළේ ව්‍යවසායකයකු වන Hotel Emporium හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වන ඇන්ඩි ද සිල්වා මහතා ලෝක තිරසර සංචාරක සහ ආගන්තුක සත්කාර සම්මාන උලෙළේ දී ‘ Prestigious World’s Leading Sustainability Leader of Tomorrow 2024’ සම්මානයෙන් පිදුම් ලැබීය. පසුගියදා බෙලිස් රාජ්‍යයේ පැවති සම්මාන උලෙළේදී ඔහු එලෙස සම්මානයට පාත්‍ර විය. ගෝලීය ආගන්තුක සත්කාර කර්මාන්තයේ පාරිසරික භාරකාරත්වය සඳහා ඇන්ඩි ද සිල්වා මහතාගේ කැපවීම ඉස්මතු කරමින් තිරසාර සංචාර සඳහා ශ්‍රී ලාංකිකයෙකු එවැනි පිළිගැනීමක් ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය සනිටුහන් වේ. 2023 වර්ෂයේදී ඩුබායිහිදී ආරම්භ කරන ලද COP28 මගින් World Sustainable Travel & Hospitality සම්මානය යටතේ සම්ප්‍රදායික සංචාරක සේවාවලින් ඔබ්බට තිරසාරත්වයට සහ පාරිසරික භාරකාරත්වයට ලබා දෙන ප්‍රමුඛත්වය පැසසුමට ලක් කෙරේ. ඇන්ඩි ද සිල්වාගේ මහතාගේ නායකත්වය යටතේ Hotel Emporium ඉතා සුළුවෙන් ආරම්භ කොට ගෝලීය කර්මාන්තයේ ප්රමුඛයෙකු දක්වා වර්ධනය වී ඇත. 2003 දී ආරම්භ කරන ලද මෙම සමාගම මේ වන විට ලොව පුරා හෝටල් 20,000කට අධික ප්‍රමාණයකට සේවා සපයන අතර රටවල් 40කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ.
ලෝක තිරසර සංචාරක සම්මාන උලෙළේදී ඇන්ඩි ද සිල්වාට සම්මානයක්
256
previous post