- මේෂ – ධන ලාභ
සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. ඔබට ලැබිය යුතුව තිබූ මුදලක් හෝ වෙනත් මුදල් ලාභයක් හිමිවීමට ඉඩ ඇත. දෙමවුපියන්ගේ සහයෝගය ඇතිව ගෙදරදොර අතපසු වී තිබූ වැඩ යළි ආරම්භ කර ගැනීමට පුළුවන. දරුවන්ගේ දක්ෂතා පිළිබඳ හා විවාහ කටයුතු පිළිබඳ සුබවාදී ආරංචි ලැබේ. අපල අවමවීමට අසරණ වූ අයට යම් උපකාරයක් කරන්න.
සුබ අංක – 7, 9 /සුබ වර්ණ – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.
- වෘෂභ – සහජ දක්ෂතා තුළින් සතුට
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් හරහාය. පරාර්ථය උදෙසා පොදු සාමාජීය සහ හවුල් වැඩවල නිරතව ආරම්භ කරන සතිය ඔබට අයහපත් නොවේ. මානසික සුව සහනය සලසයි. ආර්ථිකය මධ්‍යස්ථභාවයෙන් පවතී. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමින් පවත්වා ගත හැකි අතර සහජ දක්ෂතා ඔප් නංවා ගතහැකි අවස්ථා මතු කර දෙයි.
අපල අවම වීමට කඨින පින්කම්වලට සහභාගි වන්න.
සුබ අංක – 06 / සුබ වර්ණ – ලා නිල් / සුබ දවස් – බදාදා, සිකුරාදා.
- මිථුන – වචනය ප්‍රිය මනාප වේ
සඳු ගමන් ගන්නේ 12 ලග්නය 2 , 3 යන භාවයන් මතිනි. ආරම්භය කල්පනාකාරීව බුද්ධිමත් තීන්දු තීරණ ගතහොත් ඔබට පසුතැවිලි ඇති නොවේ. ඉන් පසු කාලය යහපත්ය. කුමන හෝ අන්දමේ ආර්ථික ලාභ අතමිට මිල මුදලක් ගැවසෙන සහනශීලී බවක් ඇති කරයි. ඔබගේ වචනය අන්‍යයන්ට ප්‍රියතාවයක් උපදවයි. සේවකයන්ගෙන් වැඩ ගැනීමටත් ලාභ ප්‍රයෝජන ලැබීමටත් හැකිවේ. අපල අවමවීමට වස් කාලයේ භික්ෂුන් වහන්සේලාට දන් පැන් දෙන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – බදාදා, සිකුරාදා.
- කටක – ලැබීම් සහිතයි
සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආර්ථිකය සුබ හා අතමිට මුදලක් ගැවසිය හැකි සතියක් බැවින් සිතට සහනයක් ගෙන දෙයි. හවුල් ව්‍යාපාර කරගෙන යාමට උනන්දුවක් ඇතිවේ. දරුවන්ගේ දක්ෂතා වර්ධනය කරයි. එහෙත් විවිධ බාධා පැමිණීමට හැකි බැවින් චිත්ත ශක්තිය උපදවාගෙන ජීවිතයට මුහුණ දෙන්න. අපල අවමවීමට වස් කාලය තුළ ධර්ම දේශනා අසන්න.
සුබ අංක – 2, 7 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සදුදා, අඟහරුවාදා.
- සිංහ – රැකියා ව්‍යාපාරවලින් ලාභ
සඳු ගමන් ගන්නේ 10, 11, 12, 1 යන භාවයන් හරහාය. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන උපයා ගත හැකි සතියක් බැවින් කරන කියන කටයුතු උනන්දුවකින් කරන්න. උත්සාහවන්තකම නිසාම අතමිට සරුවෙයි. එහෙත් ඔබ ගත කරන දශාව අනුව බාධා ගෙන දිය හැකි බැවින් අපල මඟහරවා ගැනීමට ධර්මයට නැඹුරුවන්න. අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමිවේ.
සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.
- කන්‍යා – පුණ්‍ය සිතුවිලි සහිතයි
සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය කටයුත්තකින් ආරම්භ වන සතියේ ඔබට අවිවේකී බව නිසා සමහර කටයුතු මඟ හැරී යයි. චිත්ත ශක්තිය වර්ධනය කරගෙන අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය ගොඩනැෙඟනු ඇත. කර්ම බලය අනුවද පෙර පින මතු කර භාග්‍ය ඇති කරන කාලපරාසයකි. ධෛර්යමත් වන්න. අපල අවමවීමට කුඩා දරුවනට රැකවරණය, ආදරය දෙන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණ – කොළ, සුබ දවස් – බදාදා, සිකුරාදා.
- තුලා – ආර්ථිකය ශක්තිමත්
සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භය ගැටලුකාරි විය හැකිය. කනගාටුදායක පුවත් කන වැකෙයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වය ලබා දෙන රැකියා ව්‍යාපාර සඳහා වෙහෙස වන සතියක් වන අතර ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. ගමන් බිමන් අධික වේ. ලැබීම් සහිතයි. හදිසි සුළු අනතුරු ඇතිවිය හැකි බැවින් කරන කියන සෑම කටයුත්තක්ම කල්පනාවෙන් කරන්න. අපල අවමවීමට කුසගින්නේ සිටින අයෙකුට උපකාර කරන්න.
සුබ අංකය – 06 / සුබ වර්ණය – ළා රෝස / සුබ දවස – සෙනසුරාදා.
- වෘශ්චික – සහෝදර උපකාර
සඳු ගමන් ගන්නේ 7,8,9,10 යන භාවයන් මතිනි. ව්‍යාපාරවලින් ලාභ ඉපයීම් කරන්නට හැකි බැවින් ඒ පිළිබඳ උනන්දුව වැඩි කර ගන්න. ඇවිදිලි වැඩි අතර පුණ්‍ය කටයුතු වලටද දායකත්වය ලබා දිය හැකි අවස්ථා මතු කර දෙයි. සහෝදර උපකාරද සහජ දක්ෂතා ද මතු කරයි. සමාජයේ කැපී පෙනෙන වෙනසක් ඔබ තුළ පවත්වාගත හැකිය. අපල අවමවීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණ – රතු / සුබ දවස් – බ්‍රහස්පතින්දා.
- ධනු – බලාපොරොත්තු සපල වේ
සඳු ගමන් ගන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාරවලට පැමිණි බාධා ඉවත් වී යයි. උත්සාහයෙන් නැවත ඒවා යථා තත්ත්වයෙන් කරගෙන යා හැකිය. බලාපොරොත්තු අරමුණු සපල කර ගැනීමට වැඩි ඉඩක් ඇත. සුළු අනතුරු ඇති විය හැකි බැවින් ගමන් බිමන්වලදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අපල අවමවීමට මවුපියන්ට සලකන්න.
සුබ අංක – 6, 8 / සුබ වර්ණ – කහ / සුබ දවස් – ඉරිදා, බදාදා.
- මකර – වාසනාවන්ත සතියකි
සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් හරහාය. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු සපල වීමේ ප්‍රවණතාවය පෙන්වයි. රැකියා ව්‍යාපාරවල සුබ පල උදාකරයි. ගෘහ ජීවිතය සාමකාමී වුවත් අසනීප අනතුරු සුළු වශයෙන් පෙන්වයි. අපල අවමවීමට වස් කාලය තුළ බෝමළුව අමදින්න.
සුබ අංක – 6, 8 / සුබ වර්ණ – නිල් / සුබ දවස් – බදාදා, සිකුරාදා.
- කුම්භ – දූ දරුවන්ගේ දක්ෂතා
සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් හරහාය. ගෙදර දොර කටයුතු නිසියාකාරව ඉටු කර ගැනීමට හැකි අතර දරුවන්ගේ දක්ෂතා පෙන්නුම් කරයි. මවගේ සහයෝගයද ලැබෙයි. සතුරන් අවම වේ. අපල අවම වීමට වස් පිංකම්වල යෙදෙන්න.
සුබ අංක – 8, 9 / සුබ වර්ණය – නිල් / සුබ දවස් – සිකුරාදා.
- මීන – මවගේ සහයෝගය
සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහජ දක්ෂතා අනුව ඔබ කරන ව්‍යාපාර කටයුතු දියුණුවේ. සහෝදර උපකාරයද හිමි කර දෙයි. මා පිය දූ දරු සොහොයුරු සබඳතා වැඩිදියුණු වී පුණ්‍ය කටයුතුවලට ඔවුන් එකමුතුව දායකත්වය දෙයි. සුබ සතියකි. එහෙත් සුළු අනතුරු ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ඒ බව කල්පනාවට ගන්න. අපල අවමවීමට කහපාට මල් පූජා කරන්න.
සුබ අංකය – 9 / සුබ වර්ණය – කහ / සුබ දවස – බ්‍රහස්පතින්දා.