Home » කේතු අපල දුරලන බලගතු වත්පිළිවෙත්

කේතු අපල දුරලන බලගතු වත්පිළිවෙත්

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනි දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර

by gayan
October 19, 2024 12:30 am 0 comment

“ඕම් කෙම් කේතවේ නමහං

ඕම් පද්යා පුත්‍රාය විද්මහේ…

අමෘතේශාය ධිමහී තන්නෝ ප්‍රචෝදයාත්”

ජීවිතයේ යම් ස්ථානයකදී ඔබ හකුළුවා තබන, එලෙසම දරුණු ලෙස ඔබ රෝගාතුර කරන, රාජ දඬුවම් හෝ සිපිරිගෙට යවන මේ ග්‍රහයා වෙනුවෙන් නිසි පිළියම් කරමින් ඉහත ගාථාව තෙවරක් කියා පින් දෙමින් නිසි වත් පිළිවෙත්වල යෙදුනොත්, මේ ඥාණ කාරක ග්‍රහයා එම ග්‍රහයාගේ කාලය තුළ ඔබට අධ්‍යාපනයෙන් හිණි පෙත්තටම යාමට අතිශ්‍ය පිහිට වනු නොඅනුමානය.

එමෙන්ම ධන සම්පත්, රජයෙන් ප්‍රසාද, වස්තු ලාභ, අාධ්‍යාත්මික දියුණුව සහ ධන සම්පත් ළඟා කර ගැනීමට මේ පුද පූජා සිදු කරන්න. කේතු ග්‍රහයා ඔබේ කේන්දරේ තැන්පත්ව සිටින. උච්ච, මුල ත්‍රිකෝණ, මිතුරු, සතුරු, නීච තත්ත්ව අනුව ප්‍රතිඵල වෙනස්වේ.

කේතු ලග්නයේ පිහිටියේදී උපන් අය ‘හකුළුවා’ තබයි. සහකරු, සහකාරියට අපල ගෙනදේ. දෙවැන්නේදී මේ ග්‍රහයා වස්තුව විනාශ කරයි. තුන්වැන්නට කේතු ධනය, කීර්තිය ලබාදේ. හතර වැන්නටද වස්තුව විනාශ කරන අතර පස්වැන්නට ඉගැනුමට බලසම්පන්න පිහිටුමෙකි.

හය වැන්නට කේතු රෝග සාදනු ලබයි. හත්වැන්නේ කේතු විවාහයට අපල ගෙන දේ. කේතු අටවැන්නටද රෝග පීඩා ඇති කරයි. නව වැන්නේ කේතු ඉගෙනුමට හැකියාව ලැබුණද අන්ධ භක්තියෙක් කරයි. දහවැන්නේ කේතු රැකියාව විනාශ කරයි.

එකොළොස් වැන්නට කේතු සුබදායකයි.

රූප ශෝභාව ඇති අයෙකුවේ. කේතු දොළොස් වැන්නට ද සුබ වේ. විශේෂිත ගුණ ලබා දේ. මේ කේතුගේ දශාවේදී උණ, ඇස් අමාරු, වසංගත රෝග, අධිරුධිර පීඩනය, වාත අමාරු, බඩවැල්වල රෝග ඇති කරයි.

කේතුගේ අපල දුරු කිරීමට පහත සඳහන් වත්පිළිවෙත් සිදු කරන්න.

දිනපතා තුණුරුවන් වඳින්න. සත් පුරුෂ ඇසුර සහ ධර්මය ශ්‍රවණය කරන්න.

ගුරු මාපියන්ට සලකන්න. ගයාත්‍රි මන්ත්‍ර, කේතු ස්තෝත්‍ර ගායනා කර ග්‍රහයාට පින් දෙන්න.

මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව කරන්න. දන් දෙන්න. බෙහෙත් පූජා කරන්න. බෝධි පූජා තබන්න.

සෙත් කවි නියම විධියට ගණ පිහිටුවා කියන්න. පිරිත් සුත්‍ර උදය සවස කියන්න. පින් පොත ලියන්න.

• බදාදා – සෙනසුරාදා දිනවල උතුම් විෂ්ණු දෙවියන්ට සුවඳවත් පළතුරු පුජා තබා පිහිට ඉල්ලන්න.

• කෙසෙල් වෘක්ෂයට සාත්තු කරන්න, ගස ස්පර්ශ කරන්න. ස්තෝත්‍රය 3 වරක් කියා පින් දෙන්න.

• වර්ණවත් බත් උයා බල්ලන්ට /

බළලුන්ට දන් දෙන්න.

• අපල වැඩි අයට නාග මාලය, ආඝෝරය, පාතාල මෘර්තුංජය, විෂ්ණු ආඝෝරය නිවැරදිව මින් එකක් සාදවා පලඳන්න.

•ජ්‍යෙතිෂ උපදෙස් අනුව වයිරෝඩි මැණිකක් පැළඳීමත් අපල අඩු වෙන ක්‍රියාදාමයකි.

නවග්‍රහයින්ටම නිතර පින් දෙමින් විශේෂිතව කේතු ග්‍රහයාට කරන මේ වතාවත් නියමාකාරයෙන් ඉටු කළහොත් කේතු ග්‍රහයා ජීවිත කාලයටම ඔබට යහපත් ප්‍රතිඵල ලබා දෙයි.

ග්‍රහ අපලයට නියම පිළියම විශාල ලෙස පින් දහම්හි නිරත වෙමින් ‘නියම මාර්ගයේ ‘ ගමන් කිරීමය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division