කොළඹ නවලෝක රෝහලේ වෛද්‍යවරු, කාර්ය මණ්ඩලය ඇතුළු ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම බැංකු සේවාවක් ලබා දීමේ අරමුණින්, ලංකා බැංකුවේ නව සීමිත සේවා ශාඛාවක් නවලෝක රෝහල් පරිශ්‍රයේ දී විවෘත කිරීම පසුගියදා සිදු විය. මේ සඳහා නවලෝක රෝහල් සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (ජාත්‍යන්තර, භාණ්ඩාගාර සහ ආයෝජන) ජී. ඒ. ජයශාන්ත, නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික හා අක්වෙරළ බැංකු කටයුතු) එම්. ආර්. එන් රෝහණ කුමාර, සහකාර මහා කළමනාකරු (බස්නාහිර පළාත – මධ්‍යම) එස්. කේ. ගජනායක, නවලෝක හොස්පිටල්ස් හි සාමාන්‍යාධිකාරී මහාචාර්ය ලාල් චන්ද්‍රසේන, ප්‍රධාන මූල්‍ය නිලධාරි තේජා ද සිල්වා සහ උපදේශක ශල්‍ය වෛද්‍ය මයියා ගුණසේකර ඇතුළු පිරිසක් සහභාගි විය.
ලංකා බැංකුවේ නව සීමිත සේවා ශාඛාවක් නවලෝක රෝහලේ
577
previous post