දිනක් ජනප්‍රිය නාළිකාවක ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන රතන් ටාටා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී නිවේදකයෙක් අපූරු ප්‍රශ්නයක් ඇසුවා.
සර් ඔබේ ජීවිතේ වැඩිම සතුටක් ලැබුවේද කුමකින්ද කියා ඇසුවොත් මොන වගේ දෙයක්ද ඔළුවට එන්නෙ?
මඳක් කල්පනා කළ රතන් ටාටා මෙසේ පැවසුවා.
මම ජීවිතයේ සතුට සොයන අවස්ථා හතරක් පසු කර තිබෙනවා. හැබැයි සතුටේ සැබෑ අරුත මට වැටහුණේ අවසානයේදියි. සතුට සොයා යාමේදි මගේ පළමු අදියර වූයේ ධනය හා සම්පත් රැස් කිරීමයි.
ඒත් මම ඒකෙ උපරිමයට ළඟා වුණත් මම අපේක්ෂා කළ සතුටනම් ලැබුණෙ නෑ. ඉන්පස්සෙ මම වටිනා භාණ්ඩ එකතු කිරීමේ දෙවන අදියර ආරම්භ කළා.
නමුත් ඒ සතුටත් තාවකාලික බව වගේම වටිනා දේවල බැබළීම වැඩි කල් පවතින්නේ නැති බවත් මට ඉක්මනටම වැටහුණා.
ඉන්පසුව මම පිවිසුණේ විශාල ව්‍යාපෘති හඹා යාමේ තුන්වන අදියරටයි. ඒකෙදි තමයි මම ඉන්දියාවේ සහ අප්‍රිකාවේ ඩීසල් සැපයුමෙන් 95% ක අයිතිය හිමි කරගත්තෙ.
ඉන්දියාවේ සහ ආසියාවේ විශාලතම වානේ කර්මාන්ත ශාලාවේ අයිතිකාරය වුණෙත් මම.
ඒත් මෙතැනදිත් මම හිතුව තරම් සතුටක් ලැබුණෙ නෑ..හතරවැනි පියවර මේ හැම එකකටම වඩා වෙනස් එකක්.
හැබෑ සතුට කියන්නෙ මොකක්ද කියල හිත හිතා ඉන්න වෙලාවෙ තමා මගේ යාළුවෙකුගෙන් අමුතු ඉල්ලීමක් ලැබුණෙ.
ආබාධිත දරුවන් දෙසීයකට රෝද පුටු අරන් දෙන්න පුළුවන්ද කියල එයා මගෙන් ඇහුවා.මිතුරාගේ ඉල්ලීම පරිදි, මම වහාම ඒක ඉටු කළා.
අන්න එදා තමා මම ජීවිතේ හැබෑ සතුට භුක්ති විඳි දවස.
(අන්තර්ජාලයෙන්)