Home » දූ දරුවෝ

දූ දරුවෝ

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

ඔර­ලෝසුව කතා කරයි

මම ඔර­ලෝ­සු­වක්
මගේ මූණේ කටු තුනක් තිබේ.
මිනි­ස්සුන්ට මාව නැතු­වම බෑ.
මම නැව­තු­ණොත් ලෝකෙම නව­ති­නවා.

ප්‍රභා­ෂිත සම­ර­කෝන්
4 ශ්‍රේණිය, බ්‍රිටිස් ඉන්ට­ර්නැ­ෂ­නල් පාසල


අපේ ගෙදර

ඉර හිනැහෙයි හිමිදරියේ
මල්පිපිලා ලස්සනයි
පාට පාට කුරුල්ලෝ
සින්දු කියා පියාඹයි…
අවදි වෙලා අම්මා උදෙන්
අපිට කන්න කෑම පිසියි
තාත්තා කන්තෝරු යන්න
දඩි බිඩි ගා ලැස්ති වෙයි…

ජේ. ඒ සනුලි
3 ශ්‍රේණීය,
ලුම්බිණි විදුහල, කොළඹ 05.


මම ගිය ගමනක්

එදා අප ගමන පිටත් වුණේ කොටුව දුම්රිය ස්ථායෙනි. අපි ගියේ මහනුවර දළදා මාලිගාව වදින්නයි. අම්මයි, තාත්තයි, නංගියි මමයි ගමනට සහභාගි වුණා. දුම්රියේ ගමන හරිම සුන්දරයි. ඒ මම දුම්රියක ගමන්ගත් පළමු අවස්ථාවයි. අදටත් මට ඒ ගමන මැවී පෙනෙනවා.

සනූජ් ලෝමිත
6 වසර බී, ජනාධිපති විද්‍යාලය – මහර.


මා සිත් ගත් පොත

මාර්ටින් වික්‍ර­ම­සිංහ සූරීන් විසින් රචනා කර ඇති ‘මඩොල් දූව’ මා කැමති ම පොත වේ. එහි එන උපාලි, ජින්නා වැනි චරි­ත­ව­ලට මම බොහෝ සෙයින් කැමැ­ත්තෙමි. එය ඉංග්‍රීසි, දෙමළ, රුසි­යන්, චීන වැනි භාෂා රැස­කට පරි­ව­ර්ත­නය කර ඇත. ළමා කතා­වක් වුවත් ඕනෑම කෙන­කුට කියවා රස­වි­ඳිය හැකි ලෙස මෙම පොත රචනා කර ඇත. විනෝ­දය, විස්මය මුසු වූ සිදු­වීම් නිසා මෙම නවකතාව මාගේ ප්‍රිය­තම හොඳම පොත බවට පත්ව ඇත.

අයි. පී. සංසා ශේෂාදි
පති­රණ,
5 ශ්‍රේණිය සී.
දංකො­ටුව බාලිකා මහ විදු­හල.


වැස්ස

කීචි බීචි නාදෙ මගෙ කනට ඇසෙන්නේ
මහ සුළ­ඟින් ගස් වැල් දැන් නැටුම් නටන්නේ
අහ­සත් බොඳ වීමෙන් මහ අකුණු ගහන්නේ
සෝ සෝ ගා මහ වැස්සක් හෙමි­හිට එන්නේ

ගිහාන් මධු­ෂාන් ගුණ­ති­ලක
ශාස්ත්‍රා­ර­වින්ද විද්‍යා­ය­තන පිරි­වන
පොල්ගොල්ල්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division