1.1K
අඳුරට ශාප නොකර එක් පහනක් හෝ දැල්වීම වටනේය. රැකියා සොයමින් සිටිනවාට වඩා තමන්ට හැකි ලෙසින් ආදායමක් උපයා ගැන්ම වඩාත් උචිතය. නාගරික පෙළැන්තියේ ජනතාව යතුරු පැදිවලින් ආහාර පාන ඇණවුම් කර ගෙන්වා ගැනීම අද බහුලව දක්නට ලැබෙන්නකි. තමන්ට යතුරු පැදියක් නොමැති වුවත් ජීවන බර කරට ගත් මේ පියා තමන් සතු පාපැදියෙන් සිය පුතුද නංවාගෙන ගොස් එදිනෙදා දිවි සරි කර ගැන්මට වෙර දරන අයුරු කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය අසලදී අපේ කැමරාවට හසුවිය.
සේයාරුව – රුක්මාල් ගමගේ