Home » ව්‍යාජ සමීක්ෂණ වාර්තා දැම්මොත් වසර 3ක් හිරේ

ව්‍යාජ සමීක්ෂණ වාර්තා දැම්මොත් වසර 3ක් හිරේ

by Mahesh Lakehouse
October 19, 2024 12:39 am 0 comment

මහමැතිවරණය සම්බන්ධයෙන් ප්‍රමිතියකින් තොර හෝ ව්‍යාජ සමීක්ෂණ වාර්තා, මත විමසුම් ආදී තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම් හරහා යම් පක්ෂයක් හෝ අපේක්ෂකයන් අනිසි ලෙසින් ප්‍රවර්ධනය කිරීමට හෝ අගතියට පත් කිරීමට කටයුතු කළහොත් එම පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන අතර, එහිදී අදාළ තැනැත්තා වරදකරු වුවහොත් රුපියල් ලක්ෂයක දඩ මුදලක් හෝ වසර 3ක සිර දඬුවම් හෝ මේ දඬුවම් දෙකම හෝ ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්.කේ. රත්නායක මහතාගෙන් මේ සම්බන්ධව සිළුමිණ කළ විමසීමකදී ඔහු පැවසුවේ එවැනි සිදුවීම් මැතිවරණ කොමිසමේ නීති අංශය මඟින් සොයා බලා මැතිවරණ පනත උල්ලංඝනය වී ඇති බව වැටහී යන්නේ නම්, අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට පොලිසියට කරුණු වාර්තා කරනු ලබන බවයි.

මැතිවරණ කොමිසමේ සමාජ මාධ්‍ය නියාමනය කිරීම වෙනුවෙන් වෙනම අංශයක් ක්‍රියාත්මක කෙරෙන බව පෙන්වා දුන් ඒ මහතා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විසින්ද තොරතුරු ලබා දෙන බව පැවසුවේය. එම තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වීමට මැතිවරණ කොමිසමේ සමාජ මාධ්‍ය නියාමන කමිටුවක් ක්‍රියාත්මක කර ඇත.

එහිදී විශේෂයෙන්ම ‘ටික්ටොක්‘ හා ‘ඉන්ස්ටර්ග්‍රෑම්‘ සමාජ මාධ්‍ය ජාලා කෙරෙහි කොමිසම වැඩි අවධානයක් යොමු කර ඇත. එමෙන්ම ජනාධිපතිවරණයේදී බල පැවැත්වූ ලෙසින්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ද තම පෞද්ගලික සමාජජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතුවන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයන් සිදු කිරීමද මැතිවරණ පනත උල්ලංඝනය කිරීම් යටතටම ගැනෙනු ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division