720
පසුගිය දිනවල මෙරටදී අත්අඩංගුවට ගන්නා ලද විදේශ සයිබර් අපරාධකරුවන් 450කගේ තොරතුරු පොලිසිය විසින් අන්තර්ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) වෙත ලබාදී තිබේ. එලෙස අත්අඩංගුව ගන්නා ලද මේ විදේශිකයන් ජාත්‍යන්තර පොලිසියේ සයිබර් අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ සිටීදැයි සොයා ගැනීම මේ විමර්ශනයේ අරමුණ වී ඇත. මෑතකදී අත්අඩංගුවට ගන්නා ලද විදේශික සයිබර් අපරාධකරුවන් 218 දෙනාට අමතරව තවත් 300 දෙනෙකු පමණ මීට පෙර මෙරට විවිධ ස්ථානවලදී අත්අඩංගුවට ගෙන තිබිණි.
දීපාල් සමරසේකර