ඔක්තෝබර් 21 වැනිදා සඳුදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිළුමිණට කීය.
ඒ අනුව යාල්දේවි දුම්රිය ආරම්භයක් ලෙස ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
උතුරු දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතීන් ස්ථාපිත නොකිරීම මත අනාරක්ෂිතව එම මාර්ගයේ දුම්රිය ධාවනයට දුම්රිය රියදුරන්, නියාමකවරුන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් විරෝධය පා ඇත. විශේෂයෙන්ම නිරතුරුව මඟී බස් රථ පවා ගමන් ගන්නා හා ජනතාව නිරතුවම ගමන් ගන්නා දුම්රිය හරස් මාර්ග 7ක් මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ ස්ථාපිත බවද ඔවුහු පෙන්වා දී තිබේ. එම හරස් මාර්ග සම්පූර්ණයෙන්ම අනාරත්ෂිත බව එම වෘත්තීය සමිති විසින් පෙන්වා දී තිබුණි.
කෙසේ වෙතත් ආරම්භ්යක් ලෙස පැයට කිලෝ මීටර 40ක වේගයෙන් දුම්රිය ගමන් කරවීම දුම්රිය දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව වී ඇත. ඉන්දීය ණය ආධාර යටතේ මේ මාර්ගය පැයට කිලෝමීටර් 120ක වේගයෙන් දුම්රිය ධාවනයට හැකි ලෙසින් නිමවා ඇත.